පසුගිය වසර තුනට සියදිවි නසාගැනීම් 9657

August 26, 2016

මෙරට වැසියන් 9657 දෙනෙකු ගතවූ වසර තුනක කාලය තුලදී සිය දිවි නසාගෙන ඇති බව නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) සභාගත කළ පිළිතුරක සඳහන්වේ.
මෙම සියදිවි නසාගැනීම්වලින් 7576 දෙනෙකු පිරිමින් වන අතර කාන්තාවන් 2081 ක් ඒ අතර සිටින බව එම පිළිතුරේ දක්වා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා මෙම පිළිතුරක මේ බව දැක්වේ.
සභාගත කළ පිළිතුර අනුව 2013 වසරේදී කාන්තාවන් 752 ක් ද පුරුෂයන් 2703 ක්ද, 2014 වසරේදී කාන්තාවන් 669 ක් ද පිරිමින්2389 ක්ද සිය දිවි නසාගෙන ඇත. වයස අවුරුදු 08 ත් 16 ත් අතර අයගේ සියදිවි නසා ගැනිම් 852 ක්ද වයස අවුරුදු 17 – 20 ත් අතර සියදිවි නසා ගැනිම් 690 ක්ද වයස අවුරුදු 26 – 30 අතර සිය දිවි නසා ගැනිම් 852 ක් ද සිදුව තිබෙන බවද එම පිළිතුරෙහි දැක්වේ.
තවද වයස අවුරුදු 31 ත් 35 ත් අතර අයගේ සියදිවි නසා ගැනිම් 849 ක් ද අවුරුදු 36 ත් 40 ත් පුද්ගලයින් 772 ක්ද අවුරුදු 41 ත් 45 ත් අතර පුද්ගලයින් 770 ක්ද, අවුරුදු 46 ත් 50 ත් අතර සිය දිවි නසා ගැනිම් 882 ක්ද අවුරුදු 51 ත් 55 ත් අතර 837 ක්ද අවුරුදු 56 ත් 60 ත් අතර පුද්ගලයින් 756 ක්ද අවුරුදු 61 ත් 65 ත් අතර පුද්ගලයින් 709 ක්ද අවුරුදු 66 ත් 70 ත් අතර පුද්ගලයන් 465 ක්ද සියදිවි නසාගෙන ඇතැයිද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p