මගේ ප්‍රශ්ණ කල් දාන්නේ නීතිඥ ගැටවලින්ද නැතිනම් පෙරකදෝරු ගැටවලින්ද ?

August 26, 2016

සභානායකවරයා තමන් අසන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම කල් දමන්නේ නීතිඥ ගැටවලින්ද නැතිනම් පෙරකදෝරු ගැටවලින්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (25) ප්‍රශ්න කර සිටියේය.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරුදීමට අදාළ විෂයභාර ඇමතිවරයා හෝ නියෝජ්‍ය ඇමතිවරයා නොසිටි අවස්ථාවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ප්‍රශ්නයට පිළිතුරු සපයද්දි විපක්ෂ සංවිධායකවරයා මේ බව කීවේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම සභානායකවරයා විසින් කල් ගත්තේය.  ර්‍ණ ඔය ෆයිල්වල අපේ ප්‍රශ්නවලට පිළිතුරු තිබෙනවා නේද ඔබතුමා දිගින් දිගටම කල් ඉල්ලනවා. ඔබතුමා නිතිඥ ගැට, පෙරකදෝරු ගැට ගහනවා” යැයි අනුර දිසානායක මහතා කීවේය.
ර්‍ණනිතිඥ ගැට නොවෙයි අපට පිළිතුර ලැබිලා නැහැ” යැයි සභානායකවරයා කියද්දි අනුර දිසානායක මහතා කීවේ ඔබතුමාගේ අභිප්‍රාය අපේ ප්‍රශ්නවලට පිළිතුර නොදිමද යන්නයි.
මෙහිදි කතානායකවරයා කීවේ ඇමතිවරු ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොපැමිණිම ගැන අගමැතිතුමාගේ අවධානයට යොමු කරන බවයි. මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දිමට ඇමතිවරු නොපැමිණිම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් බවයි.
24 දා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් න්‍යාය පත්‍රයට ඇතුළත් කළ ප්‍රශ්න 15 න් ප්‍රශ්න 3 ක් සබාගත කළ අතර ප්‍රශ්න 5 කට කල් ඉල්ලා සිටි බවත් ප්‍රශ්න 4 කට පිළිතුරු ලබාදිමට කිසිදු ඇමතිවරයෙක් නොසිටි බවත් කතානායකවරයා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p