ශ්‍රී ලන්කන් ගුවන් සේවය හවුල්කාර සමාගමකට පැවරිම

August 26, 2016

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දිගින් දිගටම ලබ මූල්‍යමය අලාභයන් අධික ණය බරක් හේතුවෙන් පෞද්ගලික ආයතනයක් සමඟ හවුල්කාර ව්‍යාපාරයකට යාම අපේක්ෂා කරන බව වාර්තා වී තිබේ.
මේ අනුව මෙම වර්ෂයේ අවසන් භාගය වන විට අපගේ ජාතික ගුවන් සේවය මෙහෙය වනු ලබන්නේ හවුල්කාර ගුවන් සමාගමකි. එය සිදුවන්නේ කෙසේදැයි පැහැදිලි නොවුනද චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය රට පාලනය කරන කාලය තුල එමිරේට්ස් ගුවන් සමාගම හරහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය යොදවා ගත් ආකාරයට පවත්වාගෙන යන්නේද එසේ නොමැතිනම් පියවරෙන් පියවර සම්පූර්ණයෙන්ම විකුණා දැමීමට ගන්නා උත්සාහයක්ද යන්න පැහැදිලි නොවේ.
මාධ්‍ය වාර්තාවන්වල සඳහන්ව තිබු ආකාරයට දැනටමත් අප ගුවන් සමාගම සතුව තිබු ගුවන් යානා කීපයක් පකිස්ථානු ගුවන් සමාගමට බදු පදනමට පවරා ඇති බව පැහැදිලිය.
අපගේ ගුවන් ගමන් සේවා ඉතිහාසයේ ශ්‍රී ලන්කන් ප්‍රථම ගුවන් සේවය වූයේ  “එයාර් සිලෝන් ” ගුවන් සේවයය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් එයාර් ලංකා ගුවන් සේවය අපගේ ගුවන් සේවය ආරම්භ කළ අතර ඉන් පසු අපට තිබු කලාපීය ගුවන් සේවය ආරම්භ කළ අතර ඉන් පසු අපට තිබු කලාපීය ගුවන් සේවය ජාත්‍යන්තර මට්ටමකට පත්විය.
දකුණු ආසියාවේ සේවාවන් අතින් හොදම ගුවන් සේවය බවට කලක් එයාර් ලංකා සමාගම පත්ව තිබුණි. කෙසේ වුවද ගුවන් සේවාවක් වශයෙන් අපගේ ගුවන් සේවය දිගින් දිගටම මෙහෙයුම් අලාභයන් සිදුවූ බැවින් රටට සහ භාණ්ඩාගාරයට එය මහත් බරක් වූ බව පැහැදිලිය.
ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිධූරය දරන අවස්ථාවේදී අපගේ ගුවන් සේවය  “එමිරේට්ස් “ ගුවන් සේවාව සමඟ හවුල්කාර ව්‍යාපාරයක් ආරම්භ වුණි. ඒ අනුව ගුවන් සමාගම් 51% ක අයිතිය ශ්‍රී ලංකා රජය සතුව තබාගෙන ගුවන් සමාගමේ ඉතිරි කොටස් එමිරේට්ස් සමාගමට විකුණා දමන ලදි.
එයද හැදින්වූයේ හවුල්කාර ව්‍යාපාරයක් ලෙසය. එසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය දරණ කාලයේදී එමිරේට්ස් සමාගම සමඟ ඇති වූ මතබේදයක් හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්පූර්ණයෙන්ම නැවතත් රජය සතුවට පවරා ගත්තේය.
ගුවන් සේවාවන් බොහෝමයක් පවත්වාගෙන යනු ලබන්නේ අලාභයන් මතය. එයට ප්‍රධානම හේතුව ඉන්ධන සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමය. වාසනාවට මෙන් එමිරේට්ස්, ඉට්හාම්, කටාර් වැනි ගුවන් සේවා පවත්වාගෙන යන මැද පෙරදිග රටවලට  තෙල් සම්මපත ඇති බැවින් ඔවුනට සහනදායි පදනම මත ඉන්ධන පහසුකම ලැබෙන හෙයින් ගුවන් සේවාවන් ලාභදායි තත්ත්වයෙන් පවත්වාගෙන යනු ලබයි.
ගුවන් සේවාවක ඇති වැදගත්කම වන්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර අනන්‍යතාවයයි. එමිරේට්ස් සමාගම සමඟ හවුල්කාර ව්‍යාපාරයක් ආරම්භ කිරිමත් සමඟම එයාර් ලංකා ගුවන් සමාගම සතුව තිබු ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග කිහිපයක් අපට අහිමි විය.
ආරංචි මාර්ගවලට අනුව ඉදිරියේදි හවුල්කාර ව්‍යාපාරයත් ආරම්භ කිරිමත් සමඟ අපට දකුණු ආසියානු හා මැදපෙරදිග කලාපයට සීමා වන ගුවන් සේවයක් බවට පත්වීමට ඉඩ ඇත. එය යම් අතකට ජාත්‍යන්තර ගුවන් සේවාවලින් අප ක්‍රමයෙන් ඈත්විමක් හා ජාතික ගුවන් සේවය අප කලාපයකට සීමා වීමකි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය දිගින් දිගටම පාඩු ලබන්නේ ඉන්ධන ඇතුළු මෙහෙයුම් හා නඩත්තු වියදම් අධික වීමෙන් නොවේ. ගුවන් සේවාවට අවශ්‍ය නොවන පරිදි සේවක අතිරික්තයක් ඇති බව යැයි වාර්තාවේ. තම දේශපාලනමය අවශ්‍යතාවයන් මත සේවකයන් බඳවා ගන්නා ආයතනයක් බවට මෙම ආයතනය පත්ව තිබීම කණගාටුදායකය.
අනෙක් අතට මෙම ආයතනය මෙහෙයවීමට පත් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කළමනාකරිත්වය අධික සුඛෝපභෝගි පිළිවෙත් අනුගමනය කිරිම තවත් හේතුවකි. මෑතකදී පත් වූ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉතා විශාල ලෙස වැටුප් හා පහසුකම් ඉහල දමාගෙන ඇති බව වාර්තාවේ.
එපමණක්ද නොව ගුවන් සේවාව තරඟකාරි හා ලාභදායිව පවත්වාගෙන යාමට කිසිදු සැලසුමක් ඇති බවද නොපෙනේ. මේ අනුව බලන විට අපට මේ අහිමි වන්නේ අපගේ ජාතික ගුවන් සේවය පමණක් නොව ජාත්‍යන්තර අනන්‍යතාවයකි. මෙයට වගකිව යුත්තේ එහි පාලකයන් මිස ජනතාව නොවේ.

තිස්ස අත්තනායක

Sammy

Previous story Next story

Leave a comment

t

o

p