හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා වහාම අත්අඩංගුවට ගන්න

August 26, 2016

මාරක රිය අනතුරක් වසන් කිරීමට සැකපිට හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ශ‍්‍රී රංගා මහතාව වහාම  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස පොලිස් නීති අංශය විසින් උතුරු පළාත්භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු අනාවරණය කළේය.
එම රිය අනතුර වසන් කිරීමට ආධාර හා අනුබල දුන් පොලිස් නිළධාරීන් පිරිසකට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන අංශය යොදා පරීක්‍ෂණයක් පවත්වා විනයානුකූල පියවර ගන්නා ලෙසද පොලිස් නීති අංශය නිර්දේශකර තිබේ.
ශ‍්‍රී රංගා පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක්ව සිටියදී 2011 වසරේදී ඔහු පදවාගෙන ගිය ජිප් රථය සෙට්ටිකුලමේදී අනතුරකට ලක්ව එහි ගමන් ගත් ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයා මියගියේය. අනතුර සිදුවන අවස්ථාවේදී වාහනය පදවන ලද්දේ මිය ගිය එම නිළධාරියා බවට පසුව පොලිසිය එක්ව සටහන් යොදා අධිකරණයට බී.වාර්තාවක් ද ඉදිරිපත්කර තිබිණි.
එම බී.වාර්තාව සකස්කර ඇත්තේ වව්නියාව පොලිස් අධීකාරී කාර්යාලයේදී බවද මේ වන විට හෙළිවී ඇත.
ශ‍්‍රී රංගා මහතා පදවන ලද වාහනය අනතුරට ලක්ව එහි ගමන් කරමින් සිටි ඇමති ආරක්‍ෂක පොලිස් කොස්තාපල්වරයෙක් මිය ගිය පසු වාහනය පදවන ලද්දේ එම කොස්තාපල්වරයා බවට ව්‍යාජ ලෙස බී.වාර්තා සකස්කර ඇත්තේ පොලිසියට එල්ලවුණු දේශපාලන බලපෑම් මත බවත් එවකට සිටි පොලිස්පති මහින්ද බාලසූරිය ඇතූුළු පොලිස් නිළධාරීන් පිරිසක් ඊට වගකිව යුතු බවටත් පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
මෙම අනතුර 2011 වසරේ මාර්තු 30 වෙනිදා සවස 4.30 ට සිදුව ඇත.  ශ‍්‍රි රංගා මහතා පදවන ලද එම ජිප් රථය ලියාපදිංචි නොකල ලෑන්ඞ් කෲෂර් වර්යේ රථයක් බවද පොලිසිය සදහන් කරයි. මැදවච්චිය මන්නාරම පාරේ මන්නාරම දෙසට ධාවනය වූ එම රථය අනතුරට ලක්ව ඇත්තේ මාර්ගයෙන් ඉවතට පැන සෙට්ටිකුලම රෝහල් තාප්පයේ ගැටීය. එම අනතුරින් ශ‍්‍රි රංගා මහතාගේ ආරක්‍ෂාවට සිටි ඇමති ආරක්‍ෂක අංශ සාමාජිකයා මිය ගිය පසු එවකට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ශ‍්‍රි රංගා මහතාව බේරා ගැනීමට  පොලිසියට බලපෑම්කර අති බව ද විමර්ශන වලින් හෙළිවී තිබේ.එ් අනුව එවකට වව්නියාව කොට්ඨාශය භාරව සිටි පොලිස් ප‍්‍රධානියාගේ සිට පොලිස් නිලධාරීන් රැුසක්ම වාහනය ශ‍්‍රි රංගා මහතා නොපැදවූ බව සනාථ කිරීමට සාක්‍ෂි සකස්කර ඇති බවද අනාවරණය වී තිබේ.
ශී‍්‍ර රංගා මහතා වාහනය පදවන ලද බවට සාක්‍ෂි රැුසක් මේ වන විට පොලිසියට ලැබී ඇත. ශ‍්‍රි රංගා මහතාගෙන් කළ ප‍්‍රශ්ණ කිරීමේදී ඔහු සදහන්කර ඇත්තේ තමන් වාහනය නොපැදවූ බවය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p