Special News

යුද හමුදාපතිගේ කාලය තවත් වසරකින් දිගු කරයි

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතාගේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි. ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා යුද හමුදාවේ 21 වැනි හමුදාපති ලෙස පසුගිය වසරේ පෙබරවාරි 22දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.

එ.ජා.ප හත්වෙනි සාමාජික ප්‍රවර්ධනය ලබන ඉරිදා මාතරදී

එක්සත් ජාතික පක්ෂයේ හත්වැනි සාමාජික ප්‍රවර්ධන වැඩසටහන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ලබන ඉරිදා (21) මාතර දෙණියාය මැතිවරණ කොට්ඨාශයෙන් ආරම්භ කිරීමට නියමිතය.

නාමල් රාජපක්ෂ සාමාන්‍ය රැදවූවන් වෙත යවයි

මුදල් විශූද්ධිකරණ පනතින් බන්ධනාගාර ගත කෙරුණු පර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ එම්. 01 වාට්ටුවේ සාමාන්‍ය රැදවූවන් සමග රදවා සිටින බව බන්ධනාගාර තොරතුරු අනාවරණය කළේය.

D.I.G සදුන්ගහවත්ත අනිද්දා අත්අඩංගුවට ගනියිද

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සුන්ගහවත්තගෙන් අනිද්දා (18) පොලිස් විශේෂ විමර්ශන එ්කකය දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමට නියමිතය. මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවන වකවානුවේදී පුත්තලම පොලිස් කොට්ඨාශය භාරව සිට Read More

අධිකරණයට අපහාස කළේ නැතැයි උදය පොලීසියට කියලා

තරුණයෙක් පැහැර ගැනීමකට සැකපිට අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත කෙසෙල්වත්ත පොලිසිය අද (16) පාර්ලිමේන්තු මන්ත‍්‍රි උයද ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රශ්ණ කරනු ලැබීය. අලූත් කඩේ අධිකරණයේ නීනීඥ මහතෙක් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව පරීක්‍ෂණයක් පවත්වා පොලිසිය එ් Read More

පාද යාත්‍රා එකක් නොව දහයක් ගියත් මහින්දට යළි රජ විය නොහැක

දේහලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක හෙළි කරයි. දේහලක්ෂණ විද්‍යාව අනුව කෙනෙක් ගැන විග්‍රහ කරද්දි මට දේශපාලන පක්ෂයක් හෝ පාටක් බලපාන්නේ නැහැ. මගේ දේශපාලන මතය කුමක්වුවත් මට යම් පුද්ගලයෙකුගේ දේහලක්ෂණය අනුව ඔහු ගැන විග්‍රහ කළ හැකිය. මෙතනදි මම කතා කරන්නේ ස්වාධින පුද්ගලයෙකු ලෙසයි. මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2002 ජුලි 24 දා ගෙදරට ගිහිල්ලම කිව්වා ජනාධිපති පුටුවේ Read More

අගමැති චීනයේ වරායන් ගැන සොයයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස ෂෙන්ඡන් චයිනා මර්චන්ට් සමාගම මගින් පාලනය වන ෂෙකොයු බහාලූම් පර්යන්තයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

අටවන උගුල් මත නැටවෙන රූකඩ

වත්මන් ආණ්ඩුව නවලිබරල් ප‍්‍රතිසංස්කරණවලට ප්‍රවේශ වී ඇත්තේකොක්කෙන් බැරි නම් කෙක්කෙන් යන පදනමින් නිසා යම් අවංක අදහසකින් ආණ්ඩුවට උදව් කළ අයට තීරණයක් ගන්න බලකර තිබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්වය තේමා කරගෙන “අටවන උගුල් මත නැටවෙන රූකඩ” නමින් අගෝස්තු (15) සවස 3.30 ට කොළඹ මහජන Read More

කතරගම දේවාලයට අයත් භූමියක් ඉන්දියාවට දෙයිද ?

රුහුණු කතරගම දේවාලයට අයත් භූමියක් ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබාදීමට සූදානමක් පවතින බවට ගම්වාසීන් පිරිසක් චෝදනා කරයි. කතරගම නාගදීපය ආසන්නයේ පවතින අක්කර 30ක පමණ ඉඩමක් මෙලෙස ලබාදීමට රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා කටයුතු කරමින් සිටින බව ඔවුන් චෝදනා කරයි. කතරගම නගරයේ ජනතාව ඊයේ(15) පස්වරුවේ කතරගම දේවාල භූමියට පැමිණ මීට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත Read More

වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව ඈමරිකාවේ සතුට

වත්මන් රජය කටයුතු කරන ආකාරය පිළිබඳව අමෙරිකානු රජය බෙහෙවින් සතුටට පත් වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ යුධ අපරාධ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට රජය ගෙන ඇති යාන්ත්‍රණය පිළිබඳව සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බවයි. යාපනය ප්‍රදේශයේ සංචාරයකට එක්වෙමින් අතුල් කේෂප් මහතා මෙම Read More

t

o

p