මහකොමසාරිස්වරයාට පහරදීම පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතුයි

September 7, 2016

කොටි කොඩිය ප්‍රදර්ශනය කරමින් පැමිණි පිරිසක් මැලේසියාවේදි ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් රජය දැන්වත් අවධානය යොමු කළ යුතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
මෙය ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලැබු අවමානයක් බවද ඒ මහතා කීවේය. මැලේසියානු මහ කොමසාරිස්වරයාට ක්වාලාලාම්පූර් ගුවන් තොටුපොළේදි එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.
මැලේසියාවේ පැවැති අයිකැප් සැසිවාරයේ විශේෂ දේශනයකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහාටත්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දයා ගමගේ සහ අනෝමා ගමගේ මන්ත්‍රීවරුන්ටත්, මහජන එක්සත් පෙරමුණෙන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් මා හටත් ආරාධනා කර තිබුණා.
මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඉබ්‍රහිම් හන්සා මහතාට සහ ඔහුගේ නිලධාරින්ට ක්වාලාලාම්පූර් ගුවන්තොටුපොලේදී අන්තවාදී කොටි හිතවාදින් සුළු පිරිසක් පහරදී තුවාල සිදු කිරිම කණගාටුදායකයි. මෙය රටේ ගෞරවයට හානිකර තත්ත්වයක්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා එම සමුළුවට සහභාගීවිම, සමුළුවට ඇමතිම, නියෝජිතයන් හමුවීම වැළැක්වීමටත්, තර්ජනය කිරිමටත් කොටි කොඩිය පෙන්වමින් අමානුෂික ප්‍රකාශ කිරිම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුයි.
මැලේසියාවේ විහාරයට ගොස් විහාරාධිපති හිමියන්ට පහරදීම ගැන රජය නිහඩ ඇයි. ලංකාව හා මැලේසියාවේ මිත්‍රත්වයට හානිකරන සියලූ සිදුවීම්වලට රජය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අඩු තක්සේරුවක් කරන්නේ ඇයි. මම මැලේසියානු රජයට දෙස් කියන්නේ නැහැ. රජය ඒ ගැන පියවරක් ගන්න ඕනේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p