මහකොමසාරිස්වරයාට පහරදුන් අය අල්ලන්න

September 7, 2016

මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට එල්ල වූ පහරදීම තරයේ ප්‍රතික්ෂේප කරන අතර ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස මැලේසියාවට දැනුම් දිමට රජය කටයුතු කළ යුතුයැයිද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකිකයන් මීට සම්බන්ධ නම් ඔවුන්ව ලංකාවට ගෙන්වා දඩුවම් ලබාදිය යුතුව ඇතැයිද විපක්ෂ නායකවරයා කීවේය. මැලේසියාවේ මහකොමසාරිස්වරයාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇතිවූ විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මෙසේද කීය.
ප්‍රහාරය තරයේ හෙළා දකිනවා. මේ සිදුවීම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගත යුතුයි. අපේ රටේ සාමය සමගිය කරා ගමන් කරමින් සිටින අවස්ථාවේ එය නැති කරන්න ඉඩ දෙන්න බැහැ. ඇතැමුන් කරන මෙම අමනෝඥ ක්‍රියාවල ප්‍රතිඵලය ඔවුන් දන්නේ නැහැ.
ඔවුන් දිරිගැන්වීමට නොව අධෛර්යමත් කිරිමටයි කටයුතු කළ යුත්තේ. අපේ රටේ ස්ථාවරත්වය ඇති කිරිම වැළැක්වීමටයි මේ අය උත්සාහ කරන්නේ. තම දේශපාලන අභිමතාර්ථ මුදුන්පත් කරගන්නයි මෙවැනි දේ කරන්නේ.
වරදකරුවන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන අතර ඒ අයට එරෙහිව ජාත්‍යන්තරව කටයුතු කළ යුතුයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p