නව පරපුරට ශ්‍රීපනිපයේ ප්‍රමුඛතාවය

September 7, 2016

ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නව පරපුරට වැඩි ප්‍රමුඛතාවක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එමෙන්ම ජනතාවට විශ්වාසී මෙන්ම පොදු  ජන හදගැස්ම හඳුනන ජනතාවාදී පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගමින් ඉදිරි මැතිවරණවලදී ජයග්‍රහණය කරවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සමුළුව සඳහා ජාති බේදයකින් තොරව ජනතාව සහභාගී වූ බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතූහෙට්ටිගම මහතා පවසයි.

ඔහු පවසන්නේ ඉතිහාසයේ සාර්ථකම පක්ෂ සමුළුව මෙවර පැවති බවයි.

එක්සත් ජාතික පාක්ෂිකයින් බහුතරයක් ඒ සඳහා සහභාගී වූ බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය බව නිශාන්ත මුතූහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p