Special News

නාසය පිහිටා ඇති ආකාරයෙන්ද පුද්ගලයාගේ වාසනාව කිව හැක

ඇස කන නාසය දිව ශරිරය යන සියල්ල දේහ ලක්ෂණ විද්‍යාවේදී පරික්ෂාවට බදුන් කරෙයි. දේහ ලක්ෂණ විද්‍යාවේදි පුද්ගලයාගේ චරිත ලක්ෂණ හා වාසනාව අවාසනාව ගැන නාසය පිහිටා ඇති ආකාරයෙන්ද ප්‍රකාශ කළ හැකිය.

විදේශ රැකියා ඇමතිවරියගේ නමින් මුදල් වංචා කල පුද්ගලයෙකු අයෙක් අල්ලයි

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ මූලිකත්වයෙන් ජපානයේ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැට් බදු සංශෝධනය හා ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

පසුගිය සතියේ වැඩි කතා බහට ලක් වූයේ වැට් බදු සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණයයි. මේ නිසා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ සම්මත කරන්නට තිබූ වැට් බදු සංශෝධන පනත හකුලා ගන්නට ආණ්ඩුවට සිදුවිය.

යහපාලන පළමු සැමරුම ජනපති අගමැති ප්‍රධානත්වයෙන්

යහපාලනය සඳහා වන ජාතික රජයේ පළමු සැමරුම සඳහා රජයේ මුදල්, සම්පත් හෝ දේපොල යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි සංවිධායකයන්ට උපදෙස් ලබාදී තිබේ. යහපාලන රජයේ පළමු සංවත්සර සැමරුම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගණයේදී අද (19) පස්වරුවේ පැවැත්වේ. පළමු සංවත්සර සැමරුමේදී වසර කාලයක් තුළ යහපාලන රජය Read More

විශේෂ කාර්ය බලකායට නව සේනාවිධායකයෙක් පත් කරයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ නව සේනාවිධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාව ජාතික පොලිස් කොමිසම විසින් පත්කිරීමේ නියෝගය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් අද (18) නිකුත්කර තිබේ. එම පත්කිරීමට අදාල ලිඛිත ලියැවිල්ල පොලිස්පතිවරයා මහනුවර සිට අද (18) ෆැක්ස් පණිවිඩයක් මගින් ලතීෆ් මහතා වෙතද එවා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය. පසුගිය 10 වෙනිදා Read More

ඊශ‍්‍රායෙල් රැකියා අවස්ථා 50ක් ලංකාවට

විදේශ රැකියා අමාත්‍යංශය, ඊශ‍්‍රායෙල් රජය සමග ඇතිකර ගන්නා ලද ඒකාබද්ධ නියමු ව්‍යාපෘතිය යටතේ, එරට සත්කාරක ක්ෂේත‍්‍රයේ රැකියා 50ක් ශ‍්‍රී ලංකාවට ලැබී තිබේ.

ඡන්ද ආකෘති පත්‍ර දෙන්න මැතිවරණ කොමිසම තවත් කල් දෙයි

2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කර භාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් ඒ සදහා කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

D.I.G සදුන්ගහවත්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සදුන්ගහවත්ත මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන එ්කකය අද (18) පෙරවරුවේ දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළේය.

ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. නව ආසන සංවිධායකවරු :- කැස්බෑව ආසනය :- ගාමිණී ලොකුගේ සහ චන්දන කත්‍රිආරච්චි සංවිධායක ධුරයන් අවලංගු කර – චන්දන කත්‍රිආරච්චි මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීම. මීරිගම ආසනය :- කෝකිලා ගුණවර්ධන සහ සංජය සිරිවර්ධනගේ සම සංවිධායක Read More

t

o

p