Special News

වැඩිවෙච්චි බද්ද නොවැම්බර් 1 දා සිට

නොවැම්බර් 1 වැනි දා සිට අගය එකතු කළ වැට් බද්ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය කියයි. ඒ අනුව එදින සිට වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි. වසරකට  රුපියල් කෝටි පහක පිරිවැටුපක් ඇති සිල්ලර හෝ තොග වෙළෙන්දන් මෙම වැට් බද්ද ගෙවිය යුතු වේ. දුම්කොළ Read More

ලසනත් ඝාතන නඩුවේ උදලාගමට ඇප

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේම් ආනන්ද උදලාගම මහතා ඇපමත මුදාහැරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් මොහොමඩ් ශාබ්දීන් මහතා අද (27) නියෝග කර තිබේ. රුපියල් 50,000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරු යයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හදිසියේම සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ. මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව අද (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කෝප් ලේකම් කාර්යාලය කටයුතු කරන අවස්ථවේ බැඳුම්කර ගණුදෙනුවේ වගකිවයුතු ප්‍රධාන පුද්ගලයා රටින් පැනගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ජාතික වීරයින් දහනව දෙනෙකු රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරිමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නැහැ

නිදහස් සටන පැවැති 1815 සිට 1948 දක්වා කාලයේ එම සටනට උරදුන් කිවුලේගෙදර මොහොට්ටාල, කැප්පෙටිපොල දිසාවේ ඇතුළු ජාතික වීරයින් දහනව දෙනෙකු රාජද්‍රෝහි ලැයිස්තුවෙන් ඉවත් කිරිමට මෙතෙක් රජයේ අවධානය යොමුවී නැතැයි වයඹසංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය. බි්‍රතාන්‍ය රජයට එරෙහිව කැරළිගැසිමේ චෝදනාව මත 1815 ජනවාරි 10 වනදා නිකුත් කළ Read More

පාසැල් රාජකාරී පැහැර හරින ගුරුවරුන්ට එරෙහිව දැඩ නිති රිති සකස් කරනවා

ගුරුවරුන් පාසැල් රාජකාරි පැහැර හරිමින් උපකාරක පන්තිවල උගන්වන්න යන්නේ නම් ඔවුන්ට එරෙහිව දැඩ නිති රිති සකස් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (26) ප්‍රකාශ කළේය. එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා මතු කළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. විසි දහසක ගුරු Read More

පොලීසියට ජීවිත ආරක්ෂාව නැහැ

පොලිස් කොස්තාපල්වරුන් වටකරගෙන කිලිනොච්චියේදි පහර දුන් බවට වාර්තා වන නිසා රට තුළ පොලිසියට රාජකාරි කිරිමට අවකාස තිබේදැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රශ්න කර සිටියේය. එම අවස්ථාවේ නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානය යොමුව තිබෙන බව ප්‍රකාශ කළේය. දිනේෂ් ගුණවර්ධන මහතා – මම අහන්නේ පොලිස් කොස්තාපල්වරුන්ගේ Read More

කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු දේවප්‍රිය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා වශයෙන් හේමන්ත දේවප්‍රිය මහතා පත්කරනු ලැබ තිබේ. ඔහුගේ සාහයක පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු සංචිතයේ හිටපු පුහුණුකරුවකු වන ඕෂධී වීරසිංහ මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයද දරා ඇති දේවප්‍රිය මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනය මඟින් පවත්වන ක්‍රිකට් පුහුණු කිරීමේ අදියර 3 පාඨමාලාව සහ ශ්‍රී Read More

VAT බද්දට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා

වැට් හෙවත් එකතුකළ අගය මත පනවන බද්ද පිළිබඳ පනතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. ජවිපෙ නායකයින් ඇතුළු විශාල ජනතා සහභාගීත්වයකින් මෙම විරෝධතාවය පැවැත්විණි.  

2017 ජාතික අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා මුදල් අමාත්‍යවරයාට භාර දෙයි…

2017 ජාතික අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යෝජනා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (25) මුදල් අමාත්‍යාංශයේ දී භාර දෙනු ලැබීය.

වායු දූෂණය මැඩලන්න ‘App’ එකක්

ලොව විශාල වශයෙන් පරිසර දූෂණයට ගොදුරු වී තිබෙන නගර අතුරින් එකක් වන ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගෝලය රැක ගැනීම සඳහා නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ගොඩනැගිලි ඉදිකිරීම් හෝ මාර්ග ආශ්‍රිත පවතින දූවිල්ල, පොදු උද්‍යාන තුළ කැළිකසල සහ කොලරොඩු ආදිය ගිනි තැබීම වැනි වායු දූෂණයට හේතු වන ක්‍රියාකාරකම් වාර්තා කිරීම සඳහා මහජනතාව වෙත ඉඩ සලසමින් Read More

t

o

p