කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු දේවප්‍රිය

October 27, 2016

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරුවා වශයෙන් හේමන්ත දේවප්‍රිය මහතා පත්කරනු ලැබ තිබේ. ඔහුගේ සාහයක පුහුණුකරුවා වශයෙන් ශ්‍රී ලංකා දඟ පන්දු සංචිතයේ හිටපු පුහුණුකරුවකු වන ඕෂධී වීරසිංහ මහතා පත්කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාරීත්වයද දරා ඇති දේවප්‍රිය මහතා එංගලන්ත ක්‍රිකට් ආයතනය මඟින් පවත්වන ක්‍රිකට් පුහුණු කිරීමේ අදියර 3 පාඨමාලාව සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පවත්වන අදියර 2 ක්‍රිකට් පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කර ඇති අතරම කොළඹ ක්‍රිකට් ක්‍රීඩා සමාජය, එන්.සී.සී ක්‍රීඩා සමාජය, ෆින්ගාරා ක්‍රිකට් ඇකඩමිය වැනි ප්‍රබල කණ්ඩායම් රැසක ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

t

o

p