Special News

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් හා මුදල් අමාත්‍යවරයා අතර හමුවක්..

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා (04) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කෙරිණ.

මැති ඇමතිවරුන්ගේ විදේශ සංචාර

පසුගිය වර්ෂය තුළ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් කරන ලද විදේශ සංචාරවලට වැය කර ඇති මුදල් ප්‍රමාණය මිලියන 100 ඉක්මනවන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර තිබුනි. මිට අමතරව පසුගිය කාලය තුළ ජනාධිපතිවරයා විසින් කරන ලද විදේශ සංචාර හා ඒ සඳහා වැය වූ පිරිවැය ද මිට ඇතුළත් විය යුතුය.

අර්ජුන මහේන්ද්‍රන් යළි ලංකාවට

හිටපු මහ බැoකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අද (03) සවස සිoගප්පූරුවේ සිට ආපසු පැමිණියේය. තමන් පිළිඹදව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇතත නීතිපතිවරයාගේ  තීරණ‍ය ලැබෙනා තෙක් සිටින බව ඔහු පැවසීය. තමන් වරදක් කර නොමැති නිසා පලායාමට අවශ්‍ය නොවන බවත මිතුරෙකුගේ මගුල් ගෙදරකට සහබාගී වීමට තමන් පිටත්ව ගිය බව  ඔහු වැඩි දුරටත්  පැවසීය

තමා ශ්‍රි ලංකාවේ මුදල් ඇමති මිස චිනයේ මුදල් ඇමති නොවේ – රවිගෙන් චින තානාපතිට පිළිතුරු

චින තානාපති අපේ හොද මිත‍්‍රයෙක් වුවත් චින තානාපති සිදුකළ ප‍්‍රකාශය වැරදි බවත් ඡනාධිපතිතුමා සහ අගමැතිතුමා ශ‍්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයා ලෙස තමා පත්කළා මිස තමා චින මුදල් ඇමති ලෙස පත් කර නැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසිය. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා 03 මල්වතු අස්ගිරි මහා නාහිමි වරුන් බැහැදැකිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Read More

අය වැයෙන් ජනතාවට සහන දෙන්න මල්වතු අස්ගිරි මහනාහිමිවරු කියති

මෙවර ඉදිරිපත් කරන අයවැය සාමාන්‍ය ඡනතාවට ප‍්‍රයෝඡනවත් ඒ අයගේ ප‍්‍රශ්ණ විසදෙන අයවැයක් වියයුතු බව මල්වතු අස්ගිරි පාර්ශව වල මහා නාහිමිවරුන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට දැනුම් දුන්හහ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුලූ පිරිස 03 දා පෙරවරුවේ ශ‍්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානාහිමි අතිපූඡ්‍ය තිබ්බටුවාෙවි ශ‍්‍රි සිදධාර්ථ සුමංගල Read More

උඩවලව අලි ජාවාරමක් වනජිවිය අනාවරණය කර ගනියි

උඩවලව, හම්බෙගමුව ජනපදයේ කැළැබද ප්‍රදේශයක පවත්වාගෙන ගිය අලි ජාවාරමක් අනාවරණය කර ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමත්වී ඇත. මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය. මෙම අලි පැටවා කැලැවෙන් ගෙනවිත් තිබෙන කිසියම් පිරිසක් අලිපැටවා ගසක ගැටගසා තිබී ඇත. අලිපැටවා දුටු ගම්වාසීන් මේ Read More

බන්ධනාගාර ගත කෙරුණු ටිරාන් අලස් එහි රෝහලට යවයි

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේ ටිරාන් අලස් හිටපු මන්ත‍්‍රීවරයා ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එ් අනුව ඊයේ පස්වරුවේ ඔහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබීය. පසුව ටිරාන් අලස් හිටපු මන්තී‍්‍රවරයා වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර Read More

අගමැති රනිල් හොංකොං වෙත සපැමිණෙයි

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස නොවැම්බර් 03 වන දා පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළින් හොංකොං නගරයට ළඟා විය. හොංකොං නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටින ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ දී පිළිගනු ලැබූයේ Read More

කථානායක කරු ගේ කනිටු දියණිය අභාවප්‍රාප්ත වේ

කථානායක කරු ජයසූරිය මහතාගේ කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය ඊයේ (2016-11-02 ) සන්ධ්‍යාවෙහි  ලන්ඩනයෙහිදී අභාවප්‍රාප්ත වූවාය.  කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඇය මහා බ්‍රිතාන්‍යයේ යෝක්ෂයර් (Full Neck Girls School in Yorkshire) හි උසස් බාලිකා විද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව බ්‍රාඩ් ෆෝඩ් (Brad Ford) විශ්ව විද්‍යාලයෙන් Read More

t

o

p