අය වැයෙන් ජනතාවට සහන දෙන්න මල්වතු අස්ගිරි මහනාහිමිවරු කියති

November 3, 2016

මෙවර ඉදිරිපත් කරන අයවැය සාමාන්‍ය ඡනතාවට ප‍්‍රයෝඡනවත් ඒ අයගේ ප‍්‍රශ්ණ විසදෙන අයවැයක් වියයුතු බව මල්වතු අස්ගිරි පාර්ශව වල මහා නාහිමිවරුන් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට දැනුම් දුන්හහ.
මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුලූ පිරිස 03 දා පෙරවරුවේ ශ‍්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහානාහිමි අතිපූඡ්‍ය තිබ්බටුවාෙවි ශ‍්‍රි සිදධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානාහිමි අතිපූඡ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.
එහිදි මුදල් අමාත්‍ය වරයා මහානාහිමි වරුන්ට සදහන් කළේ අය වැය ඉදිරිපත් කිරිමට පෙර මල්වතු අස්ගිරි මහා නාහිමි වරුන් බැහැ දැකින ලෙසත් අයවැය සදහා උන්වහන්සේලාගේ අදහස් සහ යම් යෝඡනා ඇත්නම් ඒ පිළීබදව අවධානය යොමුකරනා ලෙසත් ඡනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍ය වරයා තමාට දැන්වූ බවයි.
අස්ගිරි පාර්ශවයේ මහා නාහිමි අතිපුඡ්‍ය වරකාගොඩ ඥණරතන හිමියන් සදහන් කළේ රටේ අහිංසක ඡනතාවට මෙවර අයවැයෙන් යම් සහනයක් ලබාදිය යුතු බවයි. අද ඡනතාවට ඡිවත් විමේ යම් ආර්ථික අපහසුතාවයක් පවතින බවද මහා නාහිමියෝ කිහ. පිරිවෙන් අධ්‍යාපනය පිළිබද මිට වඩා අවධානය යොමුකළ යුතු බවත් අස්ගිරි මහා නාහිමියන් මුදල් අමාත්‍ය වරයාට දන්වා සිටියහ.
මෙහිදි මුදල් අමාත්‍ය වරයා සදහන් කළේ මෙවර අයවැයෙන් අහිංසක ඡනතාවට යම් සහනයක් ලබා දිමට කටයුතු කරන බවයි. එමෙන්ම ර‍ටේ ඒකිය භාවයට සහ බුදුදහමට හානි සිදුවන බවට ගෙනයන ඇතැම් ප‍්‍රචාර සම්පුර්ණයෙන්ම අසත්‍ය බවද මුදල් අමාත්‍ය වරයා සදහන් කළේය. ලබන ඡනවාරි මස 08 වන දිනෙන් පසුව අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත හෙලන බවද මුදල් අමාත්‍ය වරයා මහානාහිමි වරුන්ට දන්වා සිටියේය. මෙරට දුප්පත් ඡුනතාවගේ දුප්පත් කම තුරන් කිරිමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද අමාත්‍ය වරයා සදහන් කළේය.
ගොවින්ට පොහොර සහනාධාරය ලබාදිමේ නව වැඩපිලිවෙල යටතේ මේවන විට අතරමැදියන්ගෙන් තොරව ගොවින්ට පොහොර සහනාධාරය ලැබෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කිලෝමිටර් දෙලක්ෂ තිස්නමදාහක් දුරට අලි වැටවල් ඉදිරිකිරිම සදහා මුදල් වෙන්කර දි ඇති බවද මුදල් අමාත්‍යවරයා මෙහිදි මහා නාහිමිවරුන්ට දැන්විය.
මෙම අවස්ථාවට චතුරිකා සිරිසේන මහත්මිය සහ මුදල් අමාතයාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.

 

LNP Ravi Asgiri

t

o

p