අගමැති රනිල් හොංකොං වෙත සපැමිණෙයි

November 3, 2016

15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස නොවැම්බර් 03 වන දා පෙරවරුවේ හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපළින් හොංකොං නගරයට ළඟා විය.

හොංකොං නගරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලූ දූත පිරිස අග්‍රාමාත්‍යවරයා නවාතැන් ගෙන සිටින ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ දී පිළිගනු ලැබූයේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා සහ ග්‍රෑන්ඩ් හයට් හෝටල් කළමනාකාරීත්වය විසිනි.

හොංකොං ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙන 15 වන ජර්මානු ව්‍යාපාර සඳහා වූ ආසියා – ශාන්තිකර සමුළුවේ දී නොවැම්බර් 04 වන දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්  “ආසියා – ශාන්තිකර අභියෝගයන් සහ ඉදිරි දර්ශනය” යන මැයෙන් අදහස් දැක්වීමට නියමිතය.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සංචාරයට එක්ව සිටිති.

 

New Image 2

 

t

o

p