Special News

පුහුණු තරඟයෙන් ලංකාවට කඬුළු 5ක ජයක්

සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ට්‍රේලියානු අගමැතිගේ පිල අතර කැන්බරාහිදී පැවැති 20-20 පුහුණු තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් අගමැතිගේ පිල පන්දුවාර 20දී කඩුලු 6ට ලකුණු 169ක් ලබාගත් අතර, ශ්‍රී ලංකාව පන්දුවාර 17.1කදී කඩුලු 5කට ලකුණු 170ක් ලබා ගනිමින් ජය වාර්තා කළේය. ජයග්‍රාහී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක Read More

T20 ප්‍රථම අගමැති කණ්ඩායමේ තරඟය අගමැති දෙපලගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ඕවර විස්සයි විස්ස ක්‍රිකට් තරග මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස බව ඔස්ට්‍රේලියානු  අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් (Hon. Malcom Turnbull) මහතා පැවසීය. ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර කැන්බරා නුවර මනුකා ඕවල් ක්‍රීඩාංගනයේ පැවති Read More

මැලේසියාවේ දී කිම් ජොන් අන්ගේ සහෝදරයා මිය යයි

උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරයා මැලේසියවේ දී මිය ගොස් ඇති බව වාර්තා වේ. කාන්තාවන් දෙදෙනෙකු විසින් විෂක් ශරීර ගත කිරීම හේතුවෙන් මිය ගොස් ඇති බව විදෙස් ආරංචි මාර්ග සනාථ කරයි. ඔහු මිය යන විට 47 වියේ පසු වන අතර ඔහු 1970 දී උපත ලබා ඇත.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තවත් අයවැය යෝජනාවක් ක්‍රියාත්මකයි : වැඩි පොලී ගෙවීම ලක්ෂ 15 දක්වා ඉහළට

රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් හට සහය වීමේ අරමුණෙන් වත්මන් රජය විසින් ආරම්භ කරන ලද ඔවුන්ගේ ඉතිරි කිරීමේ ගිණුම් මත ගෙවනු ලබන 15% විශේෂ පොලී අනුපාතය සඳහා වන උපරිමය දැනට ක්‍රියාත්මක ලක්ෂ 10 සීමාවේ සිට මාර්තු මස සිට රුපියල් ලක්ෂ 15 සීමාව දක්වා වැඩි කෙරේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදෙස් මත 2017 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට Read More

සිසුන් අතර ගැටුමකින් 6 ක් රෝහලේ – 15 ක් පොලිස් අත්අඩංගුවට

කොළඹ ආනන්ද, නාලන්ද හා ඩී.එස්. සේනානායක පාසල් හි සිසුන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් 6 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර සිසුන් 15 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනෙන් පැසසුම්

සියලු පුරවැසියන් සහ දේපොළ ආවරණය වන ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්වෙයි. මෙවැනි රක්ෂණ ක්‍රමයක්, හඳුන්වාදීම තුළින්, ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සම්පාදනයේ ඉදිරි පියවරක් තබා ඇති බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි. ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් (Ertharin Cousin) මහත්මිය, හා මුදල් අමාත්‍ය රවී කරුණානායක Read More

දේශිය හා විදේශිය සහල් සඳහා උපරිම මිල දෙකක්

වෙළෙඳ‍පොළේ කිසිවිටෙකත් සහල් හිඟයක් ඇතිවිය නොහැකි අතර ජනතාවට සහන මිලකට සහල් ලබාදීම සඳහා නිසි ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සහල් මෝල් හිමියන් හා සහල් ආනයනකරුවන් අතර හමුවක් අද (14) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය. සහල් ආනයනයේදී ලබාදී ඇති බදු Read More

රනිල්ගේ සේවය අගයා ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ඇමතිවරයෙකු හා අගමැතිවරයෙකු වශයෙන් සිදු කළ දීර්ඝ කාලීන සේවාව සහ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් ක්‍ෂේත්‍රයන් ඉහළට ඔසවා තැබිමට සිදු කළ මෙහෙවර අගයමින්, ඔස්ට්‍රේලියාවේ ඩීකින් විශ්ව විද්‍යාලය (Deakin University) විසින් අද (14) සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමිණි. ඩීකින් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ශාලවේ පැවති උපාධි ප්‍රදානෝත්සවයේ දී එහි කුලපති Read More

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

ඇමෙරිකාවේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසු කළ පළමු මිසයිල අත්හදා බැලීම උතුරු කොරියාව විසින් සිදුකොට තිබේ. ජපාන දේශ සීමාව ආසන්නයේ මෙම මිසයිල අත්හදා බැලීම සිදුකොට තිබේ. මේ සම්බන්ධයෙන් කතා කරමින් ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇත්තේ මෙවැනි අවස්ථාවල සියයට සියයක්ම තම මිතුරු රට වන ජපානය සමග ඇමෙරිකාව සිටින බවය. කිලෝ මීටර පන්සියයක් පමණ දුර ඇදීගිය Read More

මන්සූර් ඒ. කාදර් මු.කො. නව ලේකම්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව ‍ලේකම්වරයා ලෙස මන්සූර් ඒ. කාදර් මහතා පත්ව ඇත. පෙරේදා(11) පැවැති පක්ෂ විධායක කාරක සභාවේදී ඒ මහතාගේ නම පක්ෂයේ මහ‍ලේකම් ධුරයට යෝජනා වී ඇත. ඒ අනුව පක්ෂයේ නායක ජල සම්පත් අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලවේ පැවැති පක්ෂයේ 27 වැනි නියෝජිත සමුළුවේදී එම යෝජනාව අනුමත කර ඇත. Read More

t

o

p