ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහනෙන් පැසසුම්

February 15, 2017

සියලු පුරවැසියන් සහ දේපොළ ආවරණය වන ජාතික රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්වෙයි.

මෙවැනි රක්ෂණ ක්‍රමයක්, හඳුන්වාදීම තුළින්, ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්ති සම්පාදනයේ ඉදිරි පියවරක් තබා ඇති බවද ලෝක ආහාර වැඩසටහන පෙන්වාදෙයි.

ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් (Ertharin Cousin) මහත්මිය, හා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර පැවැති හමුවකදී මේ බව අනාවරණය විය.

මෙහිදී, ඇය පෙන්වා දුන්නේ ගංවතුර, නායයාම් හා වියළි කාලගුණය තුළින් ඇති වන ස්වභාවික විපතකදී ඊට තාක්ෂණික ආධාර සැපයීමට, ලෝක ආහාර වැඩසටහනට හැකිවන බවයි.

විපතට පත්වන්නන්ට රක්ෂණ ප්‍රතිලාභ බෙදාහැරීමේ දී එය විධිමත්ව පවත්වා ගැනීමට තාක්ෂණික සහය ඉතා වැදගත් බව ද ඇය පෙන්වා දුන්නා ය.

සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව මෙවැනි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම ශ්‍රී ලාංකීය ජනතාව ලද ජයග්‍රහණයක් බව ද ලෝක ආහාර වැඩසටහන පෙන්වා දෙයි.

මෙම අවස්ථාවට ජාතික රක්ෂණ භාර මණ්ඩලයේ සභාපති මංජුල සිල්වා මහතා ද එක්ව සිටියේය.

t

o

p