Special News

සංවර්ධනය වේගවත් කිරීමට ජපානයෙන් විශේෂ සහයක් දෙනවා – ජපන් අගමැති

ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරලීම ඔස්සේ ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීම සඳහා අවශ්‍ය සහය ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජපානය සූදානම් බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සො අබේ (Hon. Shinzo Abe) මහතා පැවසීය. 12 වන දා සන්ධ්‍යාවේ තෝකියෝ නුවර ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් Read More

මුදල් ඇමති රවී කරුණානායක මහතාගෙන් අළුත් අවුරුදුට සුබ පැතුම්

ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් කතා කිරීමේ හා නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය සුරක්ෂිත කරවූ ගෞරවාන්විත වටා පිටාවක සිට සැමරෙන, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට, මේ සුබ පැතුම් පිරිනමන්නේ හදපිරි සතුටිනි. දශක ගණනාවක සිට, අප ගෙවා දමමින් තිබූ අඳුරු යුගයන්ද, වේදනාබරිත මතකයන්ද දුරින් දුරු කරමින් අප දැන් මේ එළැඹ සිටින්නේ, සහජීවනයේත්, සමානාත්මතාවයේත් රතු පලස මතට Read More

එජාපයේ නව සංවිධායකවරුන් 86කට පත්වීම් මැයි දිනෙන් පසුව

උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු 116 ක් තෝරා ගැනිමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබේ. තවත් ආසන සංවිධායකවරු 86 දෙනෙකුගේ පත්විම් තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සිය ආසන සංවිධායකවරුන්ගේ පත්විම් ලිපි තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සියළු ආයතන සංවිධායකවරුන්ගේ පත්විම් Read More

කොළඹ නඟරයේ උද්ඝෝෂණ කරන්න ස්ථාන තුනක්

යහපාලන ජාතික රජයට එරෙහිව උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වීම සඳහා කොළඹ නගරය තුළ ස්ථාන තුනක් වෙන් කිරිම සැප්තැම්බර් මාසයේදි සිදු කරනු ලබයි. ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ලෙස රජයට එරෙහි විරෝධතා පැවැත්වීම සඳහා ස්ථාන සොයාදීමේ කටයුතු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇත. ඒ අනුව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් ප්‍රධාන ස්ථාන 3 ක් හදුනාගෙන ඇත. Read More

ගෝල්ෆේස් මැයි රැළියට සියළු පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේදි පැවැත්වෙන ඒකබද්ධ විපක්ෂයේ මැයි රැළියට සැපයිය යුතු පහසුකම් පිළිබඳව විමසිම සඳහා නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ලබන සතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවිමට නියමිතය. මෙම නිලධාරින් පිරිස ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුවය. ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කොළඹනගරයේ පැවැත්වෙන ප්‍රධාන මැයි Read More

ජි.එස්.පි ප්ලස් දෙන්න යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට

ශ්‍රී ලංකාවට අහිමි කෙරුණු ජි.එස්.පි ප්ලස් බදු සහනය යළි දිම සඳහා තාක්ෂණික අධ්‍යනයකට යුරෝපා සංගමයේ ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති. යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායම සකසන තාක්ෂණික වාර්තාව අප්‍රේල් 19 වන දින බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් විශේෂ සැසිවාරයකට ඉදිරිපත් කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණ සිටින යුරෝපා සංගමයේ තාක්ෂණ කණ්ඩායම මෙරට ආර්ථිකයේ ස්ථාවර Read More

නීති විරෝධීව ගෙන එන ලද රු.මිලියන 2ක විදේශිය මත්පැන් තොගයක් සොයා ගනී

නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කළ විදේශීය මත්පැන් තොගයක් සොයා ගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකය ඊයේ (11) සමත් විය. සුරා බදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ද මෙම වැටලීමට එක්ව සිටියේ ය. ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කළ බහාලුමක් තුළ සූක්ෂ්ම ලෙස මෙම මත්පැන් තොගය සගවා තිබිණි. Read More

අගමැති රනිල් ප්‍රමුඛ දූත පිරිස ජපානයට ළඟා වෙයි

ජපාන නිල සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලූ දූත පිරිස අද (10) දින ජපානයේ වේලාවෙන් ප.ව. 5.30 ට පමණ නරීතා ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ජපානයට ළඟා විය. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස පිළිගනු ලැබූයේ ජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක හිරෝතෝ ඉෂුමි (Mr. Hiroto Izumi) මහතා, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය Read More

අත්‍යවශ්‍ය ආහාර වර්ග10ක් අඩංගු රු.975 සහන මල්ල අද සිට සතොසෙන්

උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අප්‍රේල් 10 සිට ලබන 20 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට සතොස ආයතනය හරහා  අලෙවි කිරීමට පියවර ගන්නා බව  මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශ  කරයි පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, Read More

ගාලුමුවදොර පිට්ටනි දාහක් වුවත් පිරවිය හැකි සෙනඟක් මැයි 01දාට ගේනවා

මැයි දින සැමරුම සඳහා ගාලුමුවදොර පිටිය ලබාදීමෙන් ආණ්ඩුව දුන් කළේ අභියෝගයක් නම් එම අභියෝගය ඉහළින්ම ජයග්‍රහණය කිරිමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ගාලුමුවදොර පිටිය ලබා දී ඒකාබද්ධ විපක්ෂය ඇන ගන්නා හැටි බලා සිනාසීමට සිටි ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ අඬන්නට බව පැවසූ රණතුංග මහතා අද Read More

t

o

p