ගෝල්ෆේස් මැයි රැළියට සියළු පහසුකම් දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

April 12, 2017

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් පිටියේදි පැවැත්වෙන ඒකබද්ධ විපක්ෂයේ මැයි රැළියට සැපයිය යුතු පහසුකම් පිළිබඳව විමසිම සඳහා නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් පිරිසක් ලබන සතියේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් හමුවිමට නියමිතය.
මෙම නිලධාරින් පිරිස ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් හමුවන්නේ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුවය.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කොළඹනගරයේ පැවැත්වෙන ප්‍රධාන මැයි රැළි සියල්ලටම සහභාගි වන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් හැකි උපරිමයෙන් සලසන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු අංශවලට උපදෙස් දී තිබේ.
විශේෂයෙන් ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සහභාගී වන ජනතාවට මූලික පහසුකම් කිසිදු අඩුවකින් තොරව සම්පාදනය කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා දුන් උපදෙස්වල සඳහන්වේ.

t

o

p