කොළඹ නඟරයේ උද්ඝෝෂණ කරන්න ස්ථාන තුනක්

April 12, 2017

යහපාලන ජාතික රජයට එරෙහිව උද්ඝෝෂණ පෙළපාලි පැවැත්වීම සඳහා කොළඹ නගරය තුළ ස්ථාන තුනක් වෙන් කිරිම සැප්තැම්බර් මාසයේදි සිදු කරනු ලබයි.
ජනතාවගේ එදිනෙදා ජිවිතයට බලපෑමක් නොවන ලෙස රජයට එරෙහි විරෝධතා පැවැත්වීම සඳහා ස්ථාන සොයාදීමේ කටයුතු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට පවරා ඇත.
ඒ අනුව නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය විසින් ප්‍රධාන ස්ථාන 3 ක් හදුනාගෙන ඇත.
රජයට එරෙහිව විරෝධතා උද්ඝෝෂණ කරන්නට එන ජනතාවට ජල වැසිකිලි හා කැසිකිලි ආදි සියලූ පහසුකම් සහිතව මේ ස්ථාන සුදානම් කර දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල වැඩිදුරටත් සඳහන්වේ.

t

o

p