එජාපයේ නව සංවිධායකවරුන් 86කට පත්වීම් මැයි දිනෙන් පසුව

April 12, 2017

උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරු 116 ක් තෝරා ගැනිමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර තිබේ.
තවත් ආසන සංවිධායකවරු 86 දෙනෙකුගේ පත්විම් තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සිය ආසන සංවිධායකවරුන්ගේ පත්විම් ලිපි තෝරා ගැනිම් අවසන් කර මැයි දිනයෙන් පසු සියළු ආයතන සංවිධායකවරුන්ගේ පත්විම් ලිපි බාරදිමට නියමිතය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබිර් හෂිම්, නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම්, ග්‍රින් බ්ලඩ් සංවිධානයේ ලසන්ත ගුණවර්ධන හා සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් ආසන සංවිධායකධූර පත්විම් අවසන් කිරිමට නියමිතය.
අසිරු අවස්ථාවේදි කුමන කණ්ඩායම් නියෝජනය කළත් ආසන සංවිධායකධූර පත් කිරිමේදි දක්ෂතාව හා තරඟ ජයග්‍රහණය කිරිමට ඇති ශක්තිය පදනම් කර ගෙන මෙම පත්කිරිම් කරන ලෙස ඉහත කමිටුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

t

o

p