අත්‍යවශ්‍ය ආහාර වර්ග10ක් අඩංගු රු.975 සහන මල්ල අද සිට සතොසෙන්

April 10, 2017

උත්සව සමයේ ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් 1515ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර වර්ග 10ක් ඇතුළත් භාණ්ඩ මල්ලක් අප්‍රේල් 10 සිට ලබන 20 වැනිදා දක්වා රුපියල් 975ක මිලකට සතොස ආයතනය හරහා  අලෙවි කිරීමට පියවර ගන්නා බව  මුදල්  අමාත්‍ය රවී කරුණානායක මහතා  ප්‍රකාශ  කරයි

පරිප්පු, අල, ලොකු ලූණු, සහල්, හාල්මැස්සන්, සීනි, ටින්මාලු, කෑලි මිරිස්, කඩල සහ කිරිපිටි එම භාණ්ඩ මල්ලට ඇතුළත්වේ.

මෙවැනි  අත්‍යාවශය   ආහාර  ද්‍රව්‍ය මලු  දස  ලක්ෂයක් රටපුරා  බෙදා  හරින බවත්. ඒ  සඳහා  වැයවන  රුපියල්  මිලියන 540ක් වන අතිරේක  මුදල,  මුදල්  අමාත්‍යාංශය මඟින්  දරන  බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව  පැවසුවේ   ඊයේ (9)  රාත්‍රී බොරැල්ල පිහිටි  ලක් සතොස  ආයතනයේ නිරීක්ෂණ   චාරිකාවකට  එක්වීමෙන්   අනතුරුව  මාධ්‍ය  හමුවේ   අදහස්  දක්වමිනි. මෙම නිරික්ෂණ  චාරිකාව සඳහා වෙළඳ හා කර්මාන්ත  අමාත්‍ය රිෂාඩ්   බදුයුදින්   මහතාද එක්ව සිටියේය.

ලක් සතොස ආයතනය තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙ යෑම සඳහා  මුදල්  අමාත්‍යාංශය  හරහා උපරිම  සහාය  ලබාදීමට  පියවර ගන්නා  බවද  රවී කරුණානායක  මහතා එහිදී ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රවී කරුණානායක මහතා,

“බංකොලොත් දේශපාලනඥයන් චෝදනා කරන පරිදි වෙළෙඳ පොලේ කිසි ම භාණ්ඩ  හිගයක් නැති බව දැන් පැහැදිලි වුණා. ඒ නිසා මේ පණිවිඩය රටට කියන එක ජනමාධ්‍යවේදීන් විදියට ඔබේ වගකීමයි. 2015 ජනවාරි අට වෙනිද අපි රට භාර ගන්නකොට හාල් තිබුණෙ රුපියල් 110ට. අද රුපියල් 75කට තියෙද්දි සද්ද කරනවා. එදා පරිප්පු රුපියල් 230 – 240යි. අද  සිල්ලර මිල රුපියල් 157යි. එදා රුපියල් 425 කිරි පැකට් එක අද 210 ඉඳල 300 වෙනකං තියෙනවා. ඉන්ධන, ගෑස් මේ සියල්ල අද අඩුවෙලා. එදා රුපියල් 2635ට තිබුණ ගෑස් මිල අද 1350යි.  භූමිතෙල් එදා රුපියල් 80යි අද රුපියල් 45යි. එදාට වඩා අද ජීවිතේ සැහැල්ලුභාවයක් ඇවිත් තියෙනවා.

මීටත් වඩා භාණ්ඩ මිල අඩු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දීර්ග කාලීන වැඩපිළිවෙළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන් වීම යටතේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා” යැයි ද මුදල් අමාත්‍යවරයා පැවැසීය.

මෙහිදී   අදහස් දැක්වූ  වෙළඳහා කර්මාන්ත  අමාත්‍ය රිෂාඩ්  බදුයුදින්   මහතා කියා  සිටියේ   රටපුරා  ලක්  සතොස  ආයතන ස්ථාපිත කිරිම  මේ වන විට  ඉතා  සාර්ථකව   ක්‍රියාත්මක වන බවයි.  ඒ  අනුව   නව ලක්  සතොස   ආයතන  372ක්  ඉතා  කෙටි  කාලයක්  තුලදී  ආරම්භ කිරීමට  හැකිවූ බවත්   අමාත්‍යවරයා  කියා  සිටියේය.

Ravi-in-Sathosa

t

o

p