Special News

ජපානයෙන් බිලියන 14ක ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තීරණය කරයි. වසර 25කින් ගෙවා නිම කළ යුතු මෙම ණය ගෙවීම් සඳහා වසර හතක සහන කාලයකි. වාර්ෂික පොළිය සියයට 1.4කි.

පාද යාත්‍රාවෙන් බණ්ඩාරනායක සමාධියට ගෞරව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයෙකු වන එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක සමාධියට ගල් ගසයි යනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය සිතීම වැරදි සහගත බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාව හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළට ළඟා වූ අවස්ථාවේදීය. හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අසළින් පාද යාත්‍රාව ගමන් කරද්දී Read More

අගමැති හෙට ඉන්දුනීසියා යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට(01) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව ඈත. ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර පැවැත්වෙන 12 වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය. ලෝක ඉස්ලාම් ආර්ථික සංසදය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වන බව සඳහන්ය. ලබන Read More

ප්‍රංශ ජනපති බාබර්ගේ පඩිය ලක්ෂ 16

ප්‍රංශයේ ”කැනා ඔන්චෙනේ ” නම් ටැබ්ලොයිඞ් පුවත් පතට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. රාජ්‍යයේ හා දේශපාලඥයන්ගේ වැරදි හා දුෂණ හෙළි කිරීමට විශේෂ උනන්දුවක් දක්වන මෙම ආන්දෝලාත්මක පුවත්පත ප‍්‍රංශයේ 70 හා 80 දශකයට අයත් පරම්පරාව අතර දැඩි ලෙස ජනප‍්‍රිය වි  ඇත. ඔවුන්ගේ හෙළිකිරීම් හේතු කොට තම ධූරයෙන් අස්වීමට සිදුවූ ඇමැතිවරුන්, නගරාධිපතිවරුන් බොහෝමයකි. එබැවින් දේශපාලඥයෝ බදාදා පළ කැරෙන Read More

ඩෙංගු පැතිරූ 267 කට නඩු..

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත 29, 30 සහ අගොස්තු 01 දින යන දිනයන් හී තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රීයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ජාතික ඩෙංගු මදුරු මර්දන ඒකකය කටයුතු යොදා තිබුනි. ඒ අනුව 29 දින මෙම තෙදින ඩෙංගු මදුරු මර්දන වැඩසටහන ආරම්භ විය. ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර Read More

ජනපතිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා  (30දා) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් Read More

බණ්ඩාරනායක සමාධිය හදිසියේ වසා දමයි

හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක සමාධිය ඉතිහාසයේ පළමුවරට  (31) වසා දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් බණ්ඩාරනායක සමාධියට ආරක්ෂාව සපයන ලෙසට පොලිස්පතිවරයා වෙත සිදු කර තිබූ ඉල්ලීමකට අනුව මෙලෙස බණ්ඩාරනායක සමාධිය වසා දමා ඇත. හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කිරීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවේ සංවිධායකයන් දෙදෙනකු මීට ඉහතදීත් ඊට Read More

බණ්ඩාරනායක සමාධියට විශේෂ ආරක්ෂාවක්

ජන සටන පාද යාත්‍රාව හේතුවෙන් බණ්ඩාරනායක සමාධියවෙත විශේෂ ආරක්ෂාවක් ලබා දෙනලෙස හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පොලීසියෙන් ඉල්ලීමක් කර ඈත.අද 31දින ජන සටන පාද යාත්‍රාව නිට්ටඹුව නගරයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඈත.

අප්පච්චිලා පුතාලා අද පාද යාත්‍රා යනවා

“එදා උඩින්ගිය අප්පච්චිලා පුතාලා ඥාති  පරපුරටම දේව දඬුවමක් ලබාදීලා අද පාද යාත්‍රා යනවා” යැයි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (30) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ගිලන්රථ ලබාදීමේ උත්සවයක් සඳහා සහභාගි වෙමිනි. අගමැති රනිල් වික්‍රමසිංහ  මැතිතුමාගේ ඉන්දියානු සංචාරයේදී ලංකාවේ ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා  ගිලන්රථ 108ක් ඉන්දීය රජය මගින් Read More

ආයෝජනවලින් ගසාකෑම් නවතන්න රනිල්ගෙන් නව නීති

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ආයෝජන කරන විදේශීය සමාගම් නිර්දේශ කිරිමේ වගකීම අදාළ රටවල රාජ්‍යයන් වෙත භාරදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ තීරණය ගනු ලැබූවේ රාජපක්ෂ පාලන සමයේ මෙරට මහා පරිමාණ ඉදිකිරිම් සඳහා විදේශ ආයෝජකයන් තෝරා ගැනිමේදී සිදු වූ කොමිස් ගැසීම් හා දුෂණ වළක්වා ගනීමේ පියවරක් වශයෙනි. චිනය, සිංගප්පූරුව Read More

t

o

p