මීතොටමුල්ල ඛේදවාචකයෙන් මිය ගිය ගණන 27ක්

April 17, 2017

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිද්ධියේ මිය ගිය සංඛ්‍යාව 27ක් බව මේ වන විට තහවුරු වී තිබේ.  අතුරුදහන් වූවන් සංඛ්‍යාව මේ වන විටත් නිශ්තිව හදුනාගෙන නොමැත.

අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා මීතොටමුල්ල රාහුල විද්‍යාලයේ තාවකාලිකව ඉදි කොට ඇති තොරතුරු මධ්‍යස්ථානයට අතුරුදහන් වූවන් පිළිබඳ නිසි තොරතුරු නොලැබීම මත මෙම තත්වය උද්ගත වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා කියයි.

මෙම නාය යාමෙන් වැඩිම හානිය සිදුව ඇති මීතොටමුල්ලේ පන්සල්හේන,  දහම්පුර, විසිතුනේ වත්ත, නිල්ගේ වත්ත ඇතුළු ප්‍රදේශ වල නිවාස 145කට පූර්ණ හානි සිදුවී ඇති බවටත් පවුල් 180කට පුද්ගලයන් 625ක් අවැතැන් වී ඇති බවත් වාර්තා වේ.

t

o

p