එජාපයේ වෘත්තීය සමිති 40ක් මෙවර මැයි රැළියට

April 17, 2017

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මැයි රැළියට වෘත්තීය සමිති එකතු කර ගැනිමේ වැඩකටයුතු මේ සතියේ සිට ආරම්භ වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති 40 කට අධික සංඛ්‍යාවක වෘත්තීය සමිති නියෝජිතයෝ මෙවර මැයි රැළියට සහභාගි වෙති.
එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹකැම්බල් පිටියේදි පවත්වනු ලබයි.
මැයි රැළියේ ප්‍රමුඛස්ථානයක් වැඩකරන ජනතාව ඇතුළු වෘත්තීය සමිතිවෙත දීමට කටයුතු කිරිම සඳහා වෙනම ඒකකයක් විසින් සංවිධානය කිරිමට සිරිකොත පක්ෂ මූලස්ථානය උපදෙස් දී තිබේ.
කොළඹ පවත්වන විශාලතම මැයි රැළිය එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය බවත් ඒකට සහභාගී වන ජනතාවගෙන් කැම්බල්පිටිය පිරී ඉතිරි යනු ඇති බවත් ජාතික යොවුන් පෙරමුණේ සභාපති දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

t

o

p