ශ්‍රී ලංකාවේ සංවර්ධනට ජපානය දුන් සහයට අගමැති රනිල්ගෙන් පැසසුම්

April 12, 2017

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයන් සඳහා ජපානය වෙතින් ලබා දුන් සහය, අනුග්‍රහය සහ ආධාර පිළිබඳව තම ස්තුතිය, ගෞරවය පළ කරන බව, ජපාන නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය තරා අසො (Hon. Taro Aso) මහතා හමුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෙමෙන් නමුත් ස්ථාවරව ඉදිරියට යෑම පිලිබඳව ප්‍රසාදය පළ කළ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අසො මහතා, ඉදිරියටත් ශ්‍රී ලංකාවේ සංවර්ධන සැලසුම් අධ්‍යයනය කරමින්, සුදුසු ව්‍යාපෘති සඳහා ජපානයේ සහය ලබා දීමට අපේක්‍ෂා කරන බව සඳහන් කළේය.

ඉහළ ප්‍රමිතියකින් යුතු යටිතල පහසුකම් ගොඩනැංවීම, ජපාන ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම, කොළඹඋතුර වරාය සංවර්ධනය ආදී ෙක්‍ෂ්ත්‍රයන් පිළිබඳව ද මේ සාකච්ඡාවේ දී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර ගැනිණි.

විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ට උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යිලයීය පළමු ලේකම් නඳුනි හසින්තා, දෙවන ලේකම් උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

Ranil-in-Japan8

t

o

p