වෙරළාරකෂණය හා ඉන්දියන් සාගරයේ සාමය සුරක්ෂිත කරන්න ජපානය සමඟ පොදු එකඟතාවක්

April 12, 2017

ශ්‍රී ලංකා හමුදාවන් සහ ජපාන ස්වයං ආරක්‍ෂක හමුදාවන් අතර සම්බන්ධතාවය සමීප කරලමින්, වෙරළාරක්‍ෂණ කාර්යයන් සහ ඉන්දීය සාගර සාමය සුරක්‍ෂිත කරලීමේ කාර්යයන් උදෙසා පොදු පදනමකින් යුතුව කටයුතු කළ යුතු බව ජපාන ආරක්‍ෂක ඇමතිනි තොමොමි ඉනදා (Hon. Mme. Tomomi Inada) මහත්මිය සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා අතර 12 වන දා උදෑසන පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ලබන ජූනි මාසයේ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ජපාන නිල සංචාරය අවස්ථාවේ මේ කාර්යයන් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සුදුසු බව ද එහිදී තීරණය විණි.

ඈත ඉතිහාසයේ සිටම ඉන්දීය සාගර කලාපීය සාමය හා සමුද්‍ර ආරක්‍ෂාව මත ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය හා සමෘද්ධිය පදනම් වූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ඒ නිසාම ඉන්දීය සාගර කලාපීය සාමය රටක් හැටියට ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

ඉන්දීය සාගර කලාපීය සාමය සහ සමුද්‍ර ආරක්‍ෂාව තහවුරු කිරීම දෙරටම පිළිගන්නා පොදු ප්‍රතිපත්තියක් හෙයින්, ඒ ප්‍රතිපත්තිය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ජපානය කැපවන බව මේ සාකච්ඡාවේ දී යළි අවධාරණය කෙරිණි.

Ranil-in-Japan6විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා (HE Mr. Kenichi Suganuma), අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ට උපදේශක මහාචාර්ය මොන්ටි කාසිම්, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යිලයීය පළමු ලේකම් නඳුනි හසින්තා, දෙවන ලේකම් උදානි ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

t

o

p