Special News

ශ්‍රී ලංකා‍වේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පළමු මරණය අද වාර්තා විය. මාරවිල පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ. මිය ගිය පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකට ලක්ව සිටි අතර ඔහු දියවැඩියා රෝගයෙන්ද පෙළුණු පුද්ගලයෙකු බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය.

ඉතාලියේ පැය 24කදී කොරෝනා මරණ 919ක්

ඉතාලිය තුළ පමණක් ඊයේ (27) දිනයේ දී මියගිය සංඛ්‍යාව 919ක් වෙයි. වෛරසය වාර්තා වීමෙන් පසු එක් දිනක් තුළ ඉතාලිය තුළ මියගිය වැඩිම සංඛාව ද මෙයයි. එරට වෛද්‍යවරුන් 46ක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති අතර සෞඛ්‍ය සේවකයින් 6414 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.

චීන සහ අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාවක්

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීන ජනාධිපති ෂි ජිං පින් සමඟ දුරකතනය ඔස්සේ අදහස් හුවමාරු කර ගැනිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  සැලසුම් කර තිබේ.  කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනරට බවට අමෙරිකාව පත්ව ඇති පසුබිමක අමෙරිකානු ජනාධිපතිවරයා එම සාකච්ඡාව සැලසුම් කරතිබීම විශේෂත්වයක්. 

අසරණ යාචකයන් හා සුනඛයන් වෙනුවෙන් මිරිසවැටි හිමියෝ මහමඟට බසිති.

අනුරාධපුර පූජා නගරය බැතිමතුන්ගෙන් හිස්ව පැවතීම මත මිරිසවැටිය බසවක්කුලම, අභයගිරිය, ලංකාරාමය සඳකඩ පහණ ආදී ස්ථාන වල සාගින්දරෙන් පසුවන යාචකාදීන් සහ නිවාස අහිමි සුනඛයන් උදෙසා ආහාර ලබාදීමේ වැඩසටහනක් අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් ගේ පෞද්ගලික සහභාගිත්වයෙන් ආරම්භ කොට තිබේ. එහෙත් තමන් වහන්සේගේ එම උත්සාහය අනුරාධපුර පූජා නගරය සහ නව නගරය අවට දිවිගෙවන සියළුම Read More

ඇඳිරි නීතිය කඩකළ පිරිස 5,000 ඉක්මවයි

පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 5185දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනුයේ ඊයේ(27) උදෑසන 6.00යේ සිට අද(28) උදෑසන 6.00 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ පමණක් පුද්ගලයින් 1167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායනය වු තවත් 300ක් නිවස් වෙත

විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ. පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බවයි අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.

අහාර ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ සේවාව “බොදු බල සේනා දිවිසරණ” දැන් ක්‍රියාත්මකයි

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්තාව නැති හෝ මිලදී ගැනීම් සඳහා මුදල් නොමැති ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමිලේ ලබා දීමේ වැඩ සටහනක් බොදු බල සේනා සංවිධානය ආරම්භ කර තිබෙනවා. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අනුශාසකත්වය මත “බොදු බල සේනා දිවි සරණ” වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වන අතර කිසියම් ප්‍රදේශයක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට අපහසුතාවයකින් කවුරුන් හෝ පසුවන්නේනම් 0713 Read More

විසාලා මහනුවර අමනුෂ්‍ය බය ළඟදීම අපිත් අත්විඳිමුද?

මේ වන විට මුළු ලෝකයම පාහේ කොරෝනා වෛරස් රෝග බියෙන් මුසපත් වී හමාරය. ලොව සෙසු බොහෝ රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව ද මෙම වසංගත රෝග තත්වය පිටුදැකීමට මහත් වෙහෙසක් දරනු පෙනෙයි. නමුදු එහි සාර්ථක-අසාර්ථක භාවය තවමත් නිශ්චය කළ නොහැක. එහෙත් මෙම කොරෝනා වෛරස් රෝගය සමඟම පැමිණෙන ඇතැම් විට ඊටත් වඩා බිහිසුණු විය හැකි සමාජ ව්‍යසනයක් පිළිබඳ Read More

එතෙර සිටින ලාංකිකයින්ට රජය සමඟ සම්බන්ධ වන්න ‘contactsrilanka’

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කෙරුණා. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය Read More

t

o

p