විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමුකර සිටි තවත් 300ක පමණ පිරිසක් අද(28) සිය නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.
පුනානි මධ්‍යස්ථානයෙන් 78 දෙනෙකු ද කන්දකාඩු මධ්‍යස්ථානයෙන් 61 දෙනෙකු සහ වව්නියාව මධ්‍යස්ථානයෙන් 167 දෙනෙකු පිටත්ව ගිය බවයි අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළේය.