අසරණ යාචකයන් හා සුනඛයන් වෙනුවෙන් මිරිසවැටි හිමියෝ මහමඟට බසිති.

March 28, 2020

අනුරාධපුර පූජා නගරය බැතිමතුන්ගෙන් හිස්ව පැවතීම මත මිරිසවැටිය බසවක්කුලම, අභයගිරිය, ලංකාරාමය සඳකඩ පහණ ආදී ස්ථාන වල සාගින්දරෙන් පසුවන යාචකාදීන් සහ නිවාස අහිමි සුනඛයන් උදෙසා ආහාර ලබාදීමේ වැඩසටහනක් අනුරාධපුර මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතල්වැටුණුවැවේ ඥානතිලක හිමිපාණන් ගේ පෞද්ගලික සහභාගිත්වයෙන් ආරම්භ කොට තිබේ.

එහෙත් තමන් වහන්සේගේ එම උත්සාහය අනුරාධපුර පූජා නගරය සහ නව නගරය අවට දිවිගෙවන සියළුම යාචකාදීන්ගේත් නිවාස අහිමි සුනඛයන්ගේත් ආහාර අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙන උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කරනුයේ මේ දිනවල පවත්නා කොරෝනා වසංගත තත්වය මුල් කොට සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් සහ නීතිරීති අනුගමනය කරමින් ඉදිරි දිනවලද මෙම දානමය කටයුත්තට එක්වන ලෙස තමන් වහන්සේ ඒ සම්බන්ධයෙන් හැකියාවක් ඇති සියළු දෙනාගෙන් ඉල්ලා සිටින බවය.

එමෙන්ම ඒ සම්බන්ධ වැඩි විස්තර 0252222025 දුරකථන අංකය ඔස්සේ මිරිසවැටිය රජමහා විහාරය ඇමතීමෙන් ලබා ගත හැකි බවද උන්වහන්සේ පවසති.  තිලක් සේනාසිංහ 

t

o

p