එතෙර සිටින ලාංකිකයින්ට රජය සමඟ සම්බන්ධ වන්න ‘contactsrilanka’

March 27, 2020

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය ඊයේ (26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කෙරුණා.

මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම සේවා සැපයුමක් සඳහා ඩිජිටල් තාක්‍ෂණය උපයෝගී කර ගැනීම පිණිස රජයේ සියලුම පාර්ශ්වකරුවන්ගේ ප්‍රයත්නයන් සම්බන්ධීකරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ඉල්ලීමට අනුව මෙම මාර්ගගත ද්වාරය පිහිටුවීම සිදු කෙරේ.

t

o

p