Special News

කොව්ඩ් 19 පකිස්තාන ක්‍රීඩකයින් තිදෙනෙක්ට ආසාදනය වෙයි

පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුන්දෙනෙකු හයිඩර් අලී, හරිස් රවූෆ් සහ ෂඩාප් ඛාන්  යන ක්‍රීඩකයින් තිදෙනාට වෛරසය වැළදී ඇති බව පකිස්තාන ක්‍රිකට් මණ්ඩලය සදහන් කර ඇත. මීට පෙර පකිස්තානයේ හිටපු ක්‍රීඩක ශයිඩ් අෆ්රිඩිට ද කොරෝනා වෛරසය ආසාදනය විය.

‘ග්‍රීන් කාඩ්‘ තාවකාලිකව නතර කරයි

අමෙරිකාව ‘ග්‍රීන් කාඩ්‘ ක්‍රමවේදය මේ වසර අවසානය දක්වා නතර කිරීමට එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.  ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙනුයේ කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑමට ලක්ව සිටින අමෙරිකානුවන්ගේ රැකියා ප්‍රශ්නයට මේ හරහා විසදුමක් ලැබෙනු ඇති බවය. 

නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ‘’ඩිජිටල් තාක්ෂණය’’ ඔස්සේ පැවැත්වීමට අවධානය

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ  කාරක සභා රැස්වීම්  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ. මේ අනුව ඒ සදහා ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුලුහුඬුකම් හදුනා ගැනීමේ  පෙරහුරුවක් පාර්ලිමේන්තුවේ කාරක සභා ශාලාවකදී පැවැත්විණ. පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, නියෝජ්‍ය මහ Read More

කතරගම දෙවොලට එරෙහිව මොණරාගල දිසාපතිගෙන් නඩු!

කතරගම රුහුණු මහා දේවාලයේ පුද පූජා කටයුතු  වලදී එහි බස්නායක වරයා ඇතුළු රාජකාරී මණ්ඩලය කොරෝනා නිරෝධායන රෙගුලාසි බරපතල අයුරින් උල්ලංඝනය කිරීම මුල් කොට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව  මොණරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පවසයි. එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දැනට දේවාලය තුළ  පුද පූජා සිදුවන ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ද කොරෝනා රෝගය Read More

සාත්තර කියන හැටි උගන්වන ටියුෂන් පන්ති !

මීට කලෙකට පෙර මට නන්නාඳුනන අයකුගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ. මුලින්ම ඔහු මගෙන් විමසන ලද්දේ ”ඔය තිලක් සර් ද?” යනුවෙනි. සාමන්‍යයෙන් යමකුගේ නම සමඟ මහත්තයා යන්න යෙදිය හැකි වුව ද ඒ වෙනුවට ”සර්” යන්න ආදේශ කිරීම එතරම් ව්‍යක්ත නැත. කෙසේ හෝ ඉන්පසු ඔහු දිගින් දිගටම මා අමතන ලද්දේ ද “සර්“ යනුවෙන්ම ය. “මම මේ කතා කරන්නෙ Read More

ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීම් කොන්ත්‍රාත්තු විදේශ සමාගම්වලට ලබාදීම නීති විරෝධියි

එළඹෙන මහ මැතිවරණය ජයගැනීම සඳහා, රණවිරුවන් ඉදිරියට දමමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා බව පවසන වත්මන් ආණ්ඩුව, ශ්‍රී ලංකා යුධ හමුදාවේ දහස් ගණනක් මැරූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනා කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ දෙමළ කොටි වීරයා ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දේශද්‍රෝහී නින්දිත ක්‍රියාවලියක නියැලෙමින් සිටිනා බව හිටපු අමාත්‍ය පාඨලී Read More

කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් හරහා ජනතාවගේ පෞද්ගලික දත්ත රැස්කිරීමක්

කම්කරු දෙපාර්තුමේන්තුව විසින් ලබාදෙනු ලබන ඩොලර් 20,000ක ප්‍රතිලාභයක් ලබාගැනීමට ඇතැයි පවසමින් https://whatsget.online/labourdept නම වෙබ් ලිපිනය යටතේ කම්කරු දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවියක් ක්‍රියාත්මකවන අතර මෙම වෙබ් අඩවිය හා එක්ව ප්‍රතිලාභ ලබාගැනීමට කටයුතු කරන ලෙස දැක්වෙන පණිවිඩයක් වට්සැප්,ෆේස්බුක් සහ මැසෙන්ජර් සමාජ මාධ්‍ය යෙදුම් හරහා ශ්‍රී ලංකික ජනයා අතර ඉතා විශාල වශයෙන් හුවමාරු වේ. මේ සම්බන්ධයෙන් Read More

මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා

මම හැමදාමත් කිව්වේ මොන යුද්ධය දිණුවත් ආර්ථික යුද්ධය පැරදුනොත් අපේ රට විශාල පසුබෑමකට ලක්වෙනවා කියලා” යැයි කොළඹ දිස්ත්‍රික් එක්ස්ත ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි. “සමහරු කියාවි මම පවතින ආණ්ඩුවට කඩේ යනවා කියලා. නමුත් වසර 5 ක් තිස්සේ මම මගේ චරිතය ඝාතනය කරගෙන මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා. ඒත් අපේ වත්මන් ජනාධිපතිතුමා මේ Read More

මීගමු දූවට මුහුද සමඟ දේශපාලනයත් කඩා වදියි

මීගමුවේ ඓතිහාසික ධීවර ගම්මානයක් වන  දූව ප්‍රදේශය ද  මේ දිනවල දරුණු වෙරළ ඛාදනයකට ලක් වෙමින් තිබේ.එම ගම් වාසීන් පවසනුයේ මෙවර මෙම ගම්මානයට බල පෑ මුහුදු කෑම නිසා නිවාස, ගොඩනැඟිලි සේම මාර්ග පද්ධතියට ද හානි සිදුව ඇති බවකි. වෙන වසර වල දී පාස්කුව සමයේ මුහුද ප්‍රචණ්ඩ වීම සාමාන්‍ය තත්වයක් වුවද ජූනි මස අවසාන භාගයේ මෙවැනි තත්වයක් Read More

ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළට

මාර්ග අනතුරු යළි ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් ලබා දී ඇත. කොරෝනා වසංගත තත්ත්වයත් සමග රටේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් මාර්ග අනතුරුවල අඩුවීමක් පෙන්නුම් කෙරේ.  ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළ යන තත්ත්වයක් පවති. ඒ අනුව Read More

t

o

p