මීගමු දූවට මුහුද සමඟ දේශපාලනයත් කඩා වදියි

June 22, 2020

මීගමුවේ ඓතිහාසික ධීවර ගම්මානයක් වන  දූව ප්‍රදේශය ද  මේ දිනවල දරුණු වෙරළ ඛාදනයකට ලක් වෙමින් තිබේ.එම ගම් වාසීන් පවසනුයේ මෙවර මෙම ගම්මානයට බල පෑ මුහුදු කෑම නිසා නිවාස, ගොඩනැඟිලි සේම මාර්ග පද්ධතියට ද හානි සිදුව ඇති බවකි.

වෙන වසර වල දී පාස්කුව සමයේ මුහුද ප්‍රචණ්ඩ වීම සාමාන්‍ය තත්වයක් වුවද ජූනි මස අවසාන භාගයේ මෙවැනි තත්වයක් වාර්තා වීම තරමක බිය ජනක තත්වයක් බව ද ඔව්හු පෙන්වා දෙති.වර්තමානයේ පවතින මෙම මුහුදු කෑම නිසා වසර පනහකටත් වඩා පැරණි ඉදිකිරීම් කිහිපයක්  මුහුදු බත් වී ඇති අතර මුහුදු රැල්ලට ගසා ගෙන ආ  සුන්බුන් සේම මුහුදු වැලි ද නිවෙස් තුළ තැන්පත් ව තිබෙනු දැකිය හැකි විය.

මෙම බරපතල පාරිසරික  ව්‍යසනයට  හේතුව මහාද්වීපික තටාකය නමින් හැඳින්වෙන මෙම සමුද්‍ර තීරයට නොමනා බලපෑම් එල්ල කිරීම බව ප්‍රදේශ වාසීන් දක්වන මතය  නිහඬ කරවීමට එක් දේශපාලන කණ්ඩායමක් උත්සාහ කරන බව ද අපට මෙහි දී දැන ගත හැකි විය.

ඒ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ දූව වැසියන් කියා සිටියේ මෙම තත්වය පිළිබඳව හඬක් නැඟීමට මහ මැතිවරණය පසුවන තෙක් සිටිය යුතු යැයි පිරිසක් කියා සිටින බවය.

එහෙත් අස්වාභාවික ලෙසින් ගොඩ බිමට එල්ල වන  මෙම සමුද්‍රීය බලපෑම හමුවේ  තවදුරටත් නිහඬ වීම තම පාරම්පරික ගම් බිම් අහිමි කර ගැනීමක් විය හැකි යැයි මීගමු දූවේ ධීවර ජනතාව කියති. 

දමයන්ති ගමගේ  

t

o

p