ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළට

June 21, 2020

මාර්ග අනතුරු යළි ඉහළ යමින් පවතින බැවින් ඒවා වළක්වා ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවට උපදෙස් ලබා දී ඇත.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග රටේ ක්‍රියාත්මක වූ ඇඳිරිනීතිය හේතුවෙන් මාර්ග අනතුරුවල අඩුවීමක් පෙන්නුම් කෙරේ. 

ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග මාර්ග අනතුරු ඉහළ යන තත්ත්වයක් පවති.

ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් යළි ආරම්භ කරන ලෙසට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. 

t

o

p