කතරගම දෙවොලට එරෙහිව මොණරාගල දිසාපතිගෙන් නඩු!

June 22, 2020

කතරගම රුහුණු මහා දේවාලයේ පුද පූජා කටයුතු  වලදී එහි බස්නායක වරයා ඇතුළු රාජකාරී මණ්ඩලය කොරෝනා නිරෝධායන රෙගුලාසි බරපතල අයුරින් උල්ලංඝනය කිරීම මුල් කොට අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව  මොණරාගල දිසාපති ගුණදාස සමරසිංහ මහතා පවසයි.

එහිදී ඔහු වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ දැනට දේවාලය තුළ  පුද පූජා සිදුවන ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ද කොරෝනා රෝගය සම්ප්‍රේෂණය වීමේ  පහසු හැකියාවක් පවතින බවය.දිසාපති වරයාගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් අදහස් පළ කළ කතරගම දේවාලයේ කපු පාර්ශවය වසංගත රෝග මැඩලීම පිණිස වන නිලයක් දේවාලයේ පැරණි ලේඛනවල නොමැති බවක් පවසා ඇති අතර වසංගත රෝග වලින් අත් මිදීමට එන බැතිමතුනට පිහිට වීම පමණක් තම රාජකාරිය බව කියා තිබේ.

එමෙන්ම දෙවොල තුළට බැතිමතුන් මුව වැසුම් පැළැඳ ඒමේ ගැටළුවක් නොමැති බව  පවසන කපු පාර්ශවය වැඩි දුරටත්  පෙන්වා  දෙන්නේ දෙවියන් උදෙසා මුරුතැන්  බත් පිසීම් ආදී කටයුතු වලදී රාජකාරී  මණ්ඩලය පවා මුකවාඩම් බඳින බවකි.”

කතරගම දේවාලයට සම්බන්ධ ඇතැම් පිරිස් නවීන සමාජය සමඟ යාවත්කාලීන නොවී කටයුතු කිරීම නිසා අප රාජකාරී අපහසුතාවයන්ට පත් වූ සිදුවීම් පසුගිය කාලවල නිරන්තරයෙන් සිදු වුණා.

එවිට ඔවුන්දෙවියන් ඉදිරියට දමා කුමක් හෝ නීති අණ පනත් වලින් පිට පනින්න හදනවා.නමුත් දෙවියන්ගේ කැමැත්තට අනුව බව කියමින් ඔවුන් දේවාලයට බලපාන  අයුරින් ගොඩනඟා ගත් සම්ප්‍රදායන් වුව  රටේ නීතියට අණ පනත් වලට පටහැනි නම් ඒවාට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට අපි පසුබට වන්නේ නැහැ’අප කළ විමසුමකට පිළිතුරු දුන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  ප්‍රකාශිකාවක් කීවාය. 

දමයන්ති ගමගේ 

t

o

p