Special News

මුතුරාජවෙල පරිසර විනාශයට එරෙහිව”ආච්චිලාගෙනුත් ගේම් එකක්!

ගත වූ කාලය තුළ මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිත පරිසර පද්ධතියට සිදුව ඇති පරිසර හානි සම්බන්ධයෙන් තක්සේරු කොට වාර්තාවක් සැපයීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස්  දී තිබේ. මැල්වත්ත ප්‍රොපටි ඩිවලපර් ප්‍රයිවට් ලිමිටඩ් නම් නාමික  සමාගමක් විසින් පසුගිය කාලය පුරා මෙම පරිසර Read More

කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය . ඒ අතර එකම පවුලේ  අවුරුදු Read More

ඊයේ කොවිඩ් මරණ 08ක් සහ ආසාදිතයින් 848ක්

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 848ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 63,293ක් වනවා. අද දිනය වන විට සම්පුර්ණ සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 56,277ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,703ක් වනවා. මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 08ක් වාර්තා වී Read More

නැගෙනහිර පර්යන්තය පැවරීමට එරෙහිව ආණ්ඩුවේ පක්ෂ 10ක එකගතාව

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් පාර්ශ්වයකට ලබාදීමට කටයුතු කරන්නේ නම් ඊට එරෙහිවීමට ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 10ක් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කොළඔ නිල නිවසේදී එම පක්ෂවල නායකයින් හමුවී කළ සාකච්ඡාවකදීය.සුවය ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි Read More

වලපනේ භූ කම්පනයක්

වලපනේ ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබේ. අද (31) අළුයම 03.00ට පමණ එම භූ කම්පන තත්ත්වය හටගෙන ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පැවසීය. අදාළ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක ප්‍රබලත්වයකින් යුත්ත බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරයි.

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලියට කඩා වදියි

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලි අගනුවරට කඩා වැදුණහ. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාළියකින් දිල්ලි අගනුවරට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය. ගොවීන්ගේ ප්‍රයත්නය වූයේ මාර්ග බාධක බිඳ හෙළමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර Read More

දිල්හාර ලොකුහෙට්ටි චෝදනා 03ක් යටතේ වරදකරු

ශ්‍රී ලංකා හිටප්‍ර ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන නීතියේ වගන්ති 03ක් යටතේ වරදකරු කර තිබේ. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2.1. , 2.1.4 සහ 2.4.4 යන වගන්ති යටතේ ඔහුට මෙලෙස චෝදනා එල්ල කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන විනිශ්චය සභාවක් ඉදිරියේ සිදු කෙරුණු විභාගයකින් අනතුරුව ඔහුව වැරදිකරු කර ඇති බව වාර්තා වෙයි.

නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට නොදෙන ලකුණු

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගමට ලබා නොදීමට මේ වන විට රජය තීරණය කර ඇතැයි රජයේ විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විවිධ පාර්ශව විසින් කරන ලද ඉල්ලීම හේතුවෙන් නැගෙනහිර පර්යන්තය ලබා නොදීමට තීරණය කර තිබේ. වර්තමාන රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය ආයතන හෝ වත්කම් විකුණා දැමීම නොව ඒවා රජය විසින් ම සංවර්ධනය කර පවත්වා ගෙන යාමයි.

කොරෝනා ආසාදිතයන් හඳුනා ගන්න ‘ගුද’ මාර්ගයත් යොදා ගනියි

දැඩි අවධානමක් සහිත කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා මෙලෙස ගුද මාර්ගයෙන් සාම්පල් ලබා ගැනීමට චීනය කටයුතු කර තිබේ.  පසුගිය සතිය තුළදී බිජීං නුවරින් හමු වූ කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනා ගැනීම සඳහා මෙම පරික්ෂාව සිදුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ද මෙම පරික්ෂාව කර ඇති බවට චීන මධ්‍යම රූපවාහිනී සේවය වාර්තා කරයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් යෝජනා කිහිපයක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ඇති කමිටුව වෙත නව මැතිවරණ කොමිෂන් සභාව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර, ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම. සෑම මැතිවරණ අපේක්ෂකයෙක්ම මැතිවරණ සඳහා අදායම් වියදම් ප්‍රකාශනයක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය කිරීම එය Read More

t

o

p