ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලියට කඩා වදියි

January 31, 2021

ඉන්දීය ජනරජ දිනයේ දී ගොවීහු දිල්ලි අගනුවරට කඩා වැදුණහ. ඉන්දියානු ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ යෝජනාවන්ට එරෙහිව සටන්වැදී සිටින ගොවි ජනතාව, එරට ජනරජ සැමරුම් ආරම්භ වෙද්දී ට්‍රැක්ටර් පෙළපාළියකින් දිල්ලි අගනුවරට ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ ගොවීන් අතර ගැටුමක් ඇතිවිය.

ගොවීන්ගේ ප්‍රයත්නය වූයේ මාර්ග බාධක බිඳ හෙළමින් අගනුවරට ඇතුළුවීමය. එහෙත් එම අවස්ථාවේ පොලිසිය විසින් ගොවීන් ඉලක්ක කර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු ලැබිණි.

ජනරජ දිනය උදාවෙත්ම ගොවීන් විශාල පිරිසක් ට්‍රැක්ටර්වලින් ගමන් ගනිමින් සිටියදී තවත් ගොවීහු පාගමනින් පෙළපාළියෙන් දිල්ලිය බලා ගමන් ගනිමින් සිටියහ.

t

o

p