කහතුඩුවේ එකම පවුලේ අට දෙනෙකුට කොවිඩ්

January 31, 2021

කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ ආසාදිතයින්ගේ පළමු පළමු පෙළ ආශ්‍රිතයින් දෙසිය අසූ දෙනෙකුගේ සහභාගිත්වයෙන් ඉකුත් 26 දා කහතුඩුව පොල භූමියේ දී සිදු කල පී.සී.ආර් පරීක්ෂණයකින් එකම පවුලේ හත් දෙනෙකු ඇතුළු දහ තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි  කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්ම රාජ මහතා පැවසීය .

ඒ අතර එකම පවුලේ  අවුරුදු පහක දියණියක ඇතුළු හත් දෙනකු ද වන බවත් ඔවුන් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය , විභාග දෙපාර්තමේන්තුව , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නිරත සිව් දෙනකු ද වන බවත් පැවසේ .

t

o

p