Special News

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල්

හෙට (27) දින සිට අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 ක් සඳහා නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන ආරම්භ කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කොට සිටී. මුල් අදියර යටතේ දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට සහල් බෙදාදීම සිදුවනු ඇති අතර හෙට දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස සහ වීරකැටිය Read More

ඉදිරියේදී බස් ගාස්තු සංශෝධනයක්

බස් ගාස්තු ඉදිරියේදී අඩුවිය හැකි බවත් මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වන බවද ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සදහන් කරයි. ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ, “දැන් ප්‍රවාහන ගාස්තු අඩුවෙන්න පුළුවන්. මොකද විනිමය අනුපාතය ස්ථාවර වුණොත් ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය අඩු වුණොත් අපේ ඉන්ධන පිරිවැය අඩු වෙනවා. Read More

ලියාපදිංචි නැති තැන්වලින් ණයගත් අයටත් සහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතනවලින් ණය ලබා ගෙන මේ වන විට පීඩාවට පත්ව සිටින ගනුදෙනුකරුවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කර තිබේ. මෙසේ ලියාපදිංචි නැති මූල්‍ය ආයතනවලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින පුද්ගලයින් දහසකින් පමණ සහන ඉල්ලා තමන් වෙත පැමිණිලි ලැබී ඇතැයි ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ශ්‍රී ලංකා Read More

ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක්

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ක්‍රීඩා සහ අධ්‍යාපන අමාත්‍යවරුන් මෙන්ම ක්ෂේත්‍රයේ විශේෂඥයන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මන්‍ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විතව එම කමිටුව පත් කිරීමට ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබීය. ජනාධිපති රනිල් Read More

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 76ක් පමණි. ඒ් අනුව පළමු එක්දින ක්‍රිකට් තරගය සත්කාරක නවසීලන්තය ලකුණු 198කින් ජය ගත්තේ ය. ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 49 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු Read More

තවත් සංචාරක නෞකාවක් මෙරටට

වයිකින් නෙප්චූන් නැමති මගී ප්‍රවාහන නෞකාවක් අද (25) කොළඹ වරායට සේන්දු වී තිබේ.  මෙම නෞකාවේ සංචාරකයින් 900 ක් සහ කාර්ය මණ්ඩලයේ 463 දෙනෙකු පැමිණ තිබෙන බව සඳහන් වෙයි.  නෝර්වේ රාජ්‍යයට අයත් මෙම නෞකාව තායිලන්තයේ සිට පැමිණ තිබේ. 

ඉන්දියාවේ ණය ගෙවීම අරඹයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 330ක පළමු ණය වාරිකයෙන් අසල්වැසි ඉන්දීය ණය මුදලේ එක් වාරිකයක් ගෙවා ඇත. අමෙරිකානු ඩොලර් මිලියන 121 ක් වූ අදාළ වාරිකය ගෙවා දැමූ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලපිටිය සඳහන් කරයි.

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ. තරගයේ නවසීලන්තයේ, ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි. ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් Read More

හෙට(25) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක් ජලය අත්හිටුවයි

2023 මාර්තු 25 සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව පෙරවරු 11:00 සිට රාත්‍රී 09:00 දක්වා කාලය තුළ දී පහත ප්‍රදේශ වල ජල සැපයුමට බාධා එල්ල වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. කොළඹ, දෙහිවල, Read More

ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිවි මඬලෙන් නික්මෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙතුමා රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීමට සමත් වූ ප්‍රවීණ රංගන ශිල්පියෙක් වනවා. එමෙන්ම ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා අද උදෑසන දිවි මඩලට සමු දී තිබෙනවා.

t

o

p