හෙට(25) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10 ක් ජලය අත්හිටුවයි

March 24, 2023

2023 මාර්තු 25 සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව පෙරවරු 11:00 සිට රාත්‍රී 09:00 දක්වා කාලය තුළ දී පහත ප්‍රදේශ වල ජල සැපයුමට බාධා එල්ල වන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයට
මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය
කොටිකාවත්ත සහ මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට
රත්මලාන සහ කටුබැද්ද ප්‍රදේශවලට

t

o

p