කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

March 25, 2023

සත්කාරක නවසීලන්තයට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කර තිබේ.

තරගයේ නවසීලන්තයේ, ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පන්දුවට පහර දීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මීට නොබෝ වේලාවකට පන්දුවාර 6ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 38ක් රැස් කර ගෙන සිටියි.

ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක, චරිත් අසලංක, දසුන් ශානක හා වනිඳු හසරංග ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියි. දෙරට අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරඟාවලියට තරඟ 03 ක් ඇතුලත්.

ශ්‍රී ලංකාව මීට පෙර නවසීලන්තයේදී එක්දින තරඟාවලියක් ජයගෙන ඇත්තේ මීට වසර 22 කට පෙරයි. ඒ, 2001 වසරේදීයි.

t

o

p