අද (16) උදෑසන සිට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (16) සවස 6.00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.
එය හෙට (17) උදෑසන 6.00 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වෙයි.
මලිතගොල්ල ප්රදේශය ඇතුළු ප්රදේශ කිහිපයක එම මාර්ගයේ පවතින අවදානම් තත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.