Special News

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

ඉදිරි මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි. ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවය. ඩෙංගු රෝගීන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස ද ගම්පහ පත්ව තිබේ. ඩෙංගු Read More

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

දේශීය පාසල් බෑග් සහ සපත්තු ජූලි මස 15 වැනිදා සිට සියයට 10%කින් මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි. ඒ අනුව Read More

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

අද (24) දින පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කළේය. ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 05 කින් අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට යෝජනා කර ඇත. ස්ථාවර ගාස්තුව රු 400ක සිට Read More

හක්කිඳ ආරක්ෂක කලාපයේ පරිසර විනාශයක්

ම/ප/අ 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ප්‍රකාශයට පත්කර ඇති පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් වන මහවැලි ගඟේ වරාතැන්න හක්කිඳ කලාපය තුළ මේ වන විට මහා විනාශයක් සිදු වෙමින් පවතින බව වරාතැන්න විමලබුද්ධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය පල්දෙණියේ සමිත හිමියෝ පවසති. සිදු වෙමින් පවතින මෙම පරිසර විනාශය පිළිබඳ පසුගියදා අප විසින් කළ විමසීමේදී වැඩිදුරටත් Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන්තොටුපොළින් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වන අතර දෙරට අතර පළමු ජාත්‍යන්තර එක්දින තරගය ජුනි දෙවැනිදා පැවැත්වෙයි. දෙවැනි තරගය ජුනි 04 වනදා ද තෙවැනි සහ අවසාන තරගය ජූනි 07 වනදා ද පැවැත්වීමට නියමිතයි.

නුවරඑළියේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

නුවරඑළිය ප්‍රදේශයට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ. ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වි ඇති බව සඳහන් වෙයි. නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වෙයි. නගරයට ඇතුල්වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල Read More

IPL අවසන් පූර්ව වටයේ පළමු තරඟය අද

IPL අවසන් පූර්ව වටයේ පළමු තරඟය චෙන්නායි සුපර්කින්ග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර අද (23) පැවැත්වීමට නියමිතයි. ගුජරාට් කණ්ඩායම පැවති තරඟ 14න් 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර චෙන්නායි කණ්ඩායම මූලික වටයේ තරඟ 14න් 8ක් ජය ගනිමින් ප්‍රසාද සටහනේ දෙවන් ස්ථානයේ පසුවිය. අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරඟය Read More

විශ්‍රාම වැටුප් සම්බන්ධව තීරණයක්

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගන්නා සේවකයන් වෙනුවෙන් හිමි විශ්‍රාම වැටුප් අප්‍රමාදව ගෙවීමට සහ ඒ සඳහා ඇති වැඩපිළිවෙල පිළිබඳ ජනතාව නිසි පරිදි දැනුවත් කිරීමට අවධානය යොමුවී තිබේ. විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳ උපදෙස් ලබාදී ඇත. ඒ අදාළ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් Read More

මෙරටින් කොවිඩ් මරණ 03 ක් සහ ආසාදිතයන් පිරිසක්

ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හා මරණ වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදිතයින් 9 දෙනෙකු සහ කොවිඩ් මරණ 3ක් ද වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම සංඛ්‍යාව සමග මෙරට තහවුරු කරන ලද සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,380ක් දක්වා Read More

පාස්පෝට් ගන්න රටපුරා කාර්යාල 50ක්

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියි.

t

o

p