විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

May 24, 2023

අද (24) දින පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ඉදිරිපත් කළේය.

ඒකක 0 – 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 05 කින් අඩුකර ඇති අතර එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට යෝජනා කර ඇත.

ස්ථාවර ගාස්තුව රු 400ක සිට රුපියල් 250 දක්වා අඩුකිරීමට යෝජනා කළ අතර පළමු කාණ්ඩයට අවමය සියයට 23% ක සහනයක් විදුලිබිල සඳහා ලබාදී ඇති බවත් එම සහනය ලබාගන්නා පවුල් 1,744,000ක් සිටින බවද අමාත්‍යවරයා සදහන් කරයි.

ඒකක 31 – 60 දක්වා විදුලිබිල සියයට 09% කින් අඩුවන බවත් ඒකක 0 – 60 දක්වා සියයට 07% කින් අඩුවන බවත් ඒකක 0 – 30 දක්වා පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 15,646 ක් සඳහා ජූලි මාසයේ විදුලිබිල සියයට 23% කින් අඩුවීමට නියමිත බවද සදහන් කරයි.

තවද ඒකක 31 – 60ත් අතර පාවිච්චි කරන ආගමික සිද්ධස්ථාන 10,692 ක් සඳහා විදුලිබිල සියයට 07% කින් පහත දැමීමටත් හෝටල් කාණ්ඩය සඳහා සියයට 29% – 40% අතර විදුලිබිල අඩු කිරීමක් සිදුකිරීමට යෝජනා කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

t

o

p