පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

May 24, 2023

දේශීය පාසල් බෑග් සහ සපත්තු ජූලි මස 15 වැනිදා සිට සියයට 10%කින් මිල පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩොලරය අවප්‍රමාණ වීමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම එකගතාව පළ වූ බවයි.

ඒ අනුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් රුපියල් 350/= සිට 450/= අතර මුදලකින් පහත යනු ඇත. තවත් මසකින් මිල ගණන් සම්බන්ධයෙන් නිෂ්පාදකයන් සමග සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර එහි දී ඒ වන විට පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සහ ඩොලරයේ මිල අනුව තව දුරටත් මිල අඩු කිරීම පිළිබඳ සලකා බලන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

t

o

p