ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාප්තිය ඉහළට

May 25, 2023

ඉදිරි මාස කිහිපයේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යාමේ දැඩි අවදානම් තත්ත්වයක් පවතින බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉතා විශාල වශයෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බවය.

ඩෙංගු රෝගීන් වැඩිම දිස්ත්‍රික්කය ලෙස ද ගම්පහ පත්ව තිබේ.

ඩෙංගු රෝගීන් 36,911 ක් මෙරටින් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

t

o

p