නුවරඑළියේ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි

May 23, 2023

නුවරඑළිය ප්‍රදේශයට අද (23) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබේ.

ඒ හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වි ඇති බව සඳහන් වෙයි.

නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානය ඉදිරිපිට ධර්මපාල මාවත ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වෙයි.

නගරයට ඇතුල්වන සහ පිටවන වාහන වලට දැඩි බාධා එල්ල වී තිබෙන අතර ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එළවළු වගාවට හානි සිදු වන බව එළවළු ගොවින් ප්‍රකාශ කර සිටියි.

t

o

p