IPL අවසන් පූර්ව වටයේ පළමු තරඟය චෙන්නායි සුපර්කින්ග්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර අද (23) පැවැත්වීමට නියමිතයි.
ගුජරාට් කණ්ඩායම පැවති තරඟ 14න් 10ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට සමත් වූ අතර චෙන්නායි කණ්ඩායම මූලික වටයේ තරඟ 14න් 8ක් ජය ගනිමින් ප්‍රසාද සටහනේ දෙවන් ස්ථානයේ පසුවිය.
අද තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා ගනීයි.