Special News

කොත්තු සහ රයිස් මිල අද සිට බස්සයි

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් කොත්තු, රයිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල ගණන් අද (05) දිනයේ සිට අඩුකරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි. ඒ, අනුව කොත්තු සහ රයිස් මිල අඩු කරන ප්‍රතිශතය අද (05) පෙරවරුවේ ප්‍රක්ෂයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි. ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ Read More

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම ප්‍රමාදයට හේතුව වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලි පැනීමකි. දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇත. මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ. මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර Read More

හැටන් කලාපයේ පාසල් හෙට වැසෙයි

හෙට (05) දිනයේ හැටන් අධ්‍යාපන කලාපයට අයත් රජයේ සියලුම පාසල් වසා තැබෙන බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා නිවේදනය කරයි. මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙනයි.

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් මෙටා සමාගමෙන්

ට්විටර් යෙදවුමට සමාන නව යෙදවුමක් හඳුන්වාදීමට ෆෙස්බුක් අයත් මෙටා සමාගම පියවර ගෙන තිබේ. ලබන බ්‍රහස්පතින්දා (06) හඳුන්වාදීමට නියමිත ත්‍රෙඩ්ස් (Threads) නමැති එම යෙදවුම, වචන පදනම් කරගත් සංවාදමය යෙදවුමකි. මෙය මෙටා සමාගමේ ප්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් සහ ට්විටර් හිමිකරු ඊලොන් මස්ක් අතර ඇති වූ තරඟයේ නවතම අවස්ථාවක් ලෙසයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

හිඟ බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලයිසන් අහෝසි

බදු ගෙවීම පැහැර හැර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක් අදාළ හිඟ බදු මුදල් ගෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. හිඟ බදු මුදල් ගෙවීම අපොහොසත් වන සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීමට සිදුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලක් Read More

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මුදල් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇත. මේ අනුව පසුගිය 28 වන දින වනවිට පවතින කොටස් හෝ සුරැකුම්පත් පරිවර්තනය හෝ හුවමාරු කිරීමට හිමිකරුවන්ට අවස්ථාව ලබා දීමට නියමිතයි. භාණ්ඩාර බැදුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය Read More

සිම්බාබ්වේ හා ස්කොට්ලන්තය අද තීරණාත්මක තරගයක

2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ සත්කාරක සිම්බාබ්වේ සහ ස්කොට්ලන්ත කණ්ඩායම් අතර තීරණාත්මක තරගය අද (04) පැවැත්වේ. 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම අතිශය වැදගත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සුපිරි 6 දෙනාගේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ, ලකුණු 6කට හිමිකම් කියමිනි. ලකුණු 4ක් Read More

කොළඹ පිහිටි ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට නුදුරින් සිදුවන භූ කම්පන හේතුවෙන් කොළඹ පිහිටි දැවැන්ත ගොඩනැගිලිවලට අවදානම් තත්ත්වයක් බලපා ඇති බවයි. මහාචාර්යවරයා මේ බව පැවසුවේ පසුගියදා ශ්‍රී ලංකාවට ගිනිකොණදිග මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ භූ කම්පනය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ, “ගිනිකොණදිග Read More

දෙහිවල ජාතික සත්වෝද්‍යානය 87 වෙනි සංවත්සරය සමරයි

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කුරුළු විශේෂයක් ගෙන ඒමට නියමිතව ඇත. මෙම නව කුරුළු විශේෂය තායිලන්තයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ගෙන ඒමට නියමිත බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේය. අද දින දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. සත්වෝද්‍යානයේ සතුන්ට නම් තැබීම ඇතුළු විවිධ තරග කිහිපයක් අද දිනයේ සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබුණි. දීර්ඝ Read More

ලියාපදිංචි නොමැති පෞද්ගලික වෛද්‍ය ආයතනවලට දැනුම්දීමක්

ලියාපදිංචි නොකළ සියලුම පෞද්ගලික වෛද්‍ය ආයතන ලබන සැප්තැම්බර් මස පහළොස්වැනිදාට (15) පෙර සෞඛ්‍ය අමාත්‍යංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි වියයුතු බවට එම නියාමන සභාව දැනුම් දීමක් කරයි. 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය පිළිබද පනතෙහි නියමයන් ප්‍රකාරව මෙරට සියලු පෞද්ගලික වෛද්‍ය ආයතන සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ ලියාපදිංචි කළ Read More

t

o

p