හිඟ බදු නොගෙව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම්වල ලයිසන් අහෝසි

July 4, 2023

බදු ගෙවීම පැහැර හැර සිටි මෙරට ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් නවයක් අදාළ හිඟ බදු මුදල් ගෙවීම මේ වනවිට ආරම්භ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

හිඟ බදු මුදල් ගෙවීම අපොහොසත් වන සමාගම්වල බලපත්‍රය අහෝසි කිරීමට සිදුවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

අදාළ සමාගම් විසින් රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලක් ගෙවීමට තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය සතියේ දැනුම් දුන්නේ දින 14ක කාලයක් තුළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කරන ලෙසයි.

පාර්ශ්ව රැසකගෙන් එල්ල වූ බලපෑම් හමුවේ අදාළ සමාගම්වලින් හිඟ බදු මුදල් අයකර ගැනීමට දින 14ක අවසාන නිවේදනයක් සුරාබදු දෙපාර්තමේන්තුව නිකුත් කරන ලදි.

t

o

p