උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

July 5, 2023

උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මෙම ප්‍රමාදයට හේතුව වටගොඩ සහ තලවකැලේ අතර සිදුවූ දුම්රිය පීලි පැනීමකි.

දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ එන්ජිම පීලිපැනීමට ලක්ව ඇත.

මේ හේතුවෙන් උඩරට මාර්ගයේ ධාවන කටයුතු කොටගල දක්වා සීමාකර තිබේ.

මේ අතර කුඹුරුගමුව සහ වැලිගම අතර දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

t

o

p